ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ කලක සිට පුරප්පාඩු වී පැවති උසස් තනතුරු කිහිපයක් සඳහා රජයේ අනුමත පටිපාටියට අනුව නව නිලධාරීන් පත් කර තිබේ. ඊයේ (27) කටුනායකදී පැවැති උත්සවයකදී සභාපති සුනිල් ජයරත්න සහ අධ්‍යක්ෂ ජනරාල් දමිත් රඹුක්වැල්ල යන මහත්වරුන් අතින් පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි. ඒ අනුව රමේෂා ද සිල්වා (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – ඒකාබද්ධ කළමනාකරණ), ලසන්ත දහනායක (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – ගුවන් නිරුපද්‍රිතතා රෙගුලාසි), ප්‍රදීප් වර්ණසූරිය (අධ්‍යක්ෂ – ගුවන් ආරක්ෂක) සහ ෂෙහාන් වත්තේවැව (ජ්‍යෙෂ්ඨ සිවිල් ගුවන් සේවා පරීක්ෂක) යන මහත්ම මහත්මීන් සිය නව තනතුරුවල වැඩ භාර ගැනීමට නියමිතය.














