ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ එග් හාබර් ටවුන්ෂිප් (Egg Harbor Township) හි පිහිටි ‘ඉංග්ලිෂ් ක්‍රීක් ෂොප් රයිට්’ (English Creek ShopRite) සුපිරි වෙළෙඳසැලේ ඊයේ (21) සෙනසුරාදා දරුණු ගින්නක් හටගෙන තිබේ. ගොඩනැගිල්ලෙන් විශාල වශයෙන් කළු දුමාරයක් නැඟෙන අයුරු දැක්වෙන වීඩියෝ සහ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ප්‍රදේශයේ වැසියන් දැඩි භීතියට පත් විය.
ගිනි නිවන ඒකක වහාම ක්‍රියාත්මක වී ගින්න මැඩපැවැත්වීමට සමත්ව ඇති අතර, මේ වන විට ගොඩනැගිල්ලේ පවතින උණුසුම් ස්ථාන (Hotspots) පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරේ. මෙම ගින්නට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැති වුවද, ගොඩනැගිල්ලේ වහලය මත සවි කර තිබූ සූර්ය පැනල (Solar Panels) හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක පළ කෙරේ. වාසනාවකට මෙන්, මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.














