රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා රෝගීන්ට පොරොත්තු ලේඛනවල දීර්ඝ කාලයක් රැඳී සිටීමට ඇති අවශ්‍යතාවය ඉවත් කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා අවධාරණය කරයි. අද (12) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, රෝගීන්ට සිදුවන අපහසුතාවයන් මඟහරවා ගැනීම සඳහා විධිමත් සහ කඩිනම් වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වන විටත් සකස් කරමින් පවතින බවයි. මෙමගින් දැනට පවතින තදබදය අවම කර වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට සමීප කිරීම රජයේ අරමුණ වී තිබේ.














