• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව පාසල් වාරයේ ආරම්භය ජනවාරි 11 දා – අධ්‍යාපන අමාත්‍යංශය

21 December 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලු පාසල්වල නව පාසල් වාරය 2021 ජනවාරි මස 11 වැනි දා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ, කොළඹ, ගම්පහ සහ කලුතර දිස්ත්‍රික්ක අයත් වන බස්නාහිර පළාතේ පාසල් සහ කොවිඩ් හේතුවෙන් හුදකලා කළ ප්‍රදේශයන්හි පාසල් නොමැතිවය.

පාසල් ආරම්භ කර ප්‍රදේශවල පෙරපාසල් සහ දිවා සුරැකුම් ආයතන ද ජනවාරි 11 වැනි දා සිට ආරම්භ කිරීමට අවසර ලබා දෙනු ලැබේ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ප්‍රමුඛ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමඟ පසුගිය දා මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

දැනට විවෘත කර ඇති පාසල්වල තුන්වැනි වාරය දෙසැම්බර් 23 වැනි දායින් අවසන් වන අතර, දෙසැම්බර් 24 වැනිදායින් තුන්වැනි පාසල් වාර නිවාඩුව ආරම්භ වේ. පාසල් ආරම්භ කිරීම සම්බන්ධ සියලු තීරණ සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ උපදෙස් මත පදනම් වෙමින් ගන්නා බවයි.

ඔවුන් විසින් ලබාදී ඇති කොන්දේසි නිවැරදි ව අනුගමනය කරමින් ඉදිරියේ දී විවෘත කරනු ලබන පාසල් ක්‍රියාත්මක කරන බව ද මේ සම්බන්ධයෙන් අද (21) පැවති මාධ්‍ය හමුවේ දී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

එමෙන් ම හුදකලා කළ පොලිස් වසම්වල පිහිටි පාසල් සහ බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් පවත්නා හැකියාව තවදුරටත් සොයා බලන බව ද, දින 10න් 10ට පවත්නා සෞඛ්‍ය තත්ත්වයන් සමාලෝචනයට ලක් කරමින් එම තීරණය ගැනීමට සුදුසු පසුබිම පිළිබඳ විමසා බලන බව ද සඳහන් කළ අමාත්‍යවරයා, කවර හේතුවක් මත වුව ද දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව දෙවැනිතැනට දමා කටයුතු නොකරන බව ද සඳහන් කළේය.

 

2021 නව පාසල් වාරය වෙනුවෙන් ජනවාරි 11 දින සිට ආරම්භ කෙරෙන පාසල්වල සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව පාසල්වල සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සහ අවශ්‍ය පහසුකම් ස්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 105 ක මූල්‍ය ප්‍රතිපාදන අදියර දෙකක් යටතේ මේ වනවිටත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

එමෙන්ම යුනිසෙෆ් ආයතනය මගින් උෂ්ණත්ව මාපක 1393ක් ද, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උෂ්ණත්ව මාපක 1000ක් ද පාසල් වෙනුවෙන් ලබාදීමට එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

පාසල් තුළ දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති 2020-5-11 දිනැති 15/2020 දරන චක්‍රලේඛ ප්‍රකාරව හා 2019/2 දරන පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන චක්‍රලේඛයත්, 2020-11-19 දිනැති උපදෙස් ලිපියත් අනුව පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සිදුකළ යුතු අතර, ඒ අනුව සති දෙකකට වරක් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව රැස්ව පාසලේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් ආපන ශාලා විවෘත කිරීම සම්බන්ධ ව තීරණයක් ලබාදීම තවදුරටත් සලකා බලන බව ද ප්‍රකාශ කළේය. එහෙත් පාසල් නේවාසිකාගාර තුළ ආපන ශාලා සමාජ දුරස්ථභාවය ආරක්ෂා වන අයුරින් විවෘත කිරීමට උපදෙස් දී තිබේ.

කිසියම් දරුවෙකු රෝගාතුරව සිටීනම් හෝ නිවැසියෙකු රෝගාතුරව සිටී නම් හෝ PCR පරීක්ෂාවකට ලක් ව ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටී නම් එවැනි නිවෙස්වල දරුවන් පාසල් නොඑවීමට දෙමව්පියන් වගබලාගත යුතු බව ද අමාත්‍යවරයා සිහිපත් කළේය.

Post Views: 4
Previous Post

වතු කම්කරුවන්ගේ රු 1000 වැටුප අවසන් තීරණය සතියකට කල් යයි

Next Post

රජයෙන් අපි ඉවත් වෙන්නේ නෑ  – ඇමැති අමරවීර කියයි

editor

editor

Next Post

රජයෙන් අපි ඉවත් වෙන්නේ නෑ  - ඇමැති අමරවීර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved