මහියංගන, දඹාන ආදිවාසි ගම්මානයේ සංචාරක පහසුකම් නංවාලීම සහ එම ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 5.6ක පිරිවැයක් දරා ඉදිකළ නව වෙළඳසැල් දහයක් ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතා සහ නිවාස ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන (PSDG) 2025 වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය හරහා ආදිවාසි ජනතාවගේ අත්කම් නිර්මාණ, ස්වයං නිෂ්පාදන සහ විසිතුරු භාණ්ඩ සංචාරකයන් වෙත සෘජුවම අලෙවි කර ගැනීමට දැන් අවස්ථාව සැලසී තිබේ. මෙමඟින් දඹාන ආදිවාසි ගම්මානයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට වඩාත් විධිමත් සේවාවක් ලබා දීමටත්, ආදිවාසි උරුමයන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ ජීවනෝපාය නංවාලීමටත් රජය අපේක්ෂා කරයි.













