සිය සුළු දියණියන් දෙදෙනාට වසර කිහිපයක් තිස්සේ ලිංගික අතවර කළ බවට වරදකරු වූ 37 හැවිරිදි පුද්ගලයෙකුට වසර 30ක සිරදඬුවමක් සහ නිදහස් කිරීමෙන් පසු තවත් වසර 20ක දැඩි අධීක්ෂණ කාලයක් නියම කිරීමට නිව්යෝර්ක් අධිකරණය පියවර ගෙන තිබේ. මෙම අපරාධ වැල මුලින්ම අනාවරණය කරගෙන ඇත්තේ අදාළ දරුවන්ගේ මව විසින් සැකකරුගේ අයිපෑඩ් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී එහි තිබී හමු වූ වීඩියෝ දර්ශන මගිනි.
අධිකරණ ලේඛනවලට අනුව, මෙම අතවරයන් 2018 සැප්තැම්බර් මාසයේදී එක් දියණියකගේ වයස අවුරුදු 10ක්ව තිබියදී ආරම්භ වී 2021 ජූනි දක්වා පවත්වාගෙන ගොස් ඇත. අනතුරුව 2022 වසරේ සිට සිය දෙවන සුළු දියණියට ද (එවකට 12 හැවිරිදි) මොහු අතවර කර තිබේ. 2024 පෙබරවාරි 7 වනදා සැකකරු විසින් එක් දියණියකට අතවර කරන ආකාරය වීඩියෝ කර ඇති අතර, පසුදින එම දර්ශන මවට හමුවීමත් සමඟ ඇය වහාම පොලිසියට දැනුම් දී ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
“ලිංගික අපයෝජනය යනු ඕනෑම අයෙකුට, විශේෂයෙන්ම අහිංසක දරුවන්ට ජීවිත කාලය පුරාම බලපාන විනාශකාරී බලපෑමක් ඇති කරන දෙයක්,” යැයි දිස්ත්‍රික් නීතිඥ ටියර්නි මහතා මෙහිදී ප්‍රකාශ කළේය. වින්දිත දරුවන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා වරදකරු වූ පුද්ගලයාගේ නම ප්‍රසිද්ධ නොකිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.














