ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ක්වීන්ස් (Queens) ප්‍රදේශයේදී කුණු එකතු කරන ලොරියක ගැටීමෙන් 19 හැවිරිදි තරුණියක වන නිෂාත් ජන්නාත් (Nishath Jannath) ඊයේ (29) රාත්‍රියේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය වුඩ්සයිඩ් හි 62 වන වීදියේ පදික මාරුව හරහා ගමන් කරමින් සිටියදී “Royal Waste Services” සමාගමට අයත් ලොරියක මෙලෙස ගැටී ඇත.
පොලිස් වාර්තාවලට අනුව, රාත්‍රී 11:55 ට පමණ රූස්වෙල්ට් මාවත දිගේ ගමන් කළ ලොරිය 62 වන වීදියට හැරවීමේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුකළ ලොරි රථ රියදුරු එම ස්ථානයේදීම රැඳී සිට ඇති අතර, ඔහු සුළු තුවාල ලබා ඇති බව වාර්තා වේ. නිෂාත් ජන්නාත්ගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ඇයගේ පවුලේ හිතමිතුරන් දැඩි කම්පනයට පත්ව සිටිති.














