නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපළට ආසන්න තදාසන්න ප්‍රදේශයකින් ‘අතිශය අවදානම් සහගත පුපුරණ ද්‍රව්‍යයක්’ (High-risk explosive) හමුවීමත් සමඟ එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. බර්න්සයිඩ් (Burnside) ප්‍රදේශයේ ෂෙෆීල්ඩ් ක්‍රෙසන්ට් (Sheffield Crescent) හි මෙම ද්‍රව්‍යය ඇති බවට බ්‍රහස්පතින්දා (12) දේශීය වේලාවෙන් පස්වරු 2:30ට පමණ පොලිසියට තොරතුරු ලැබී ඇත.
සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ප්‍රදේශය අවට සිටින ජනතාවගේ ජංගම දුරකථන වෙත හදිසි අනතුරු ඇඟවීමේ පණිවිඩයක් (Emergency mobile alert) යොමු කරමින් ප්‍රදේශයෙන් වහාම ඉවත් වන ලෙස උපදෙස් ලබා දී තිබේ. ප්‍රදේශය ආවරණය වන පරිදි ආරක්ෂක සීමා (Cordons) පනවා ඇති අතර, එම ස්ථානයට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් කැඳවා ඇති බව ජ්‍යෙෂ්ඨ සැරයන් ක්‍රේග් එලිසන් (Craig Ellison) මහතා තහවුරු කළේය.
මෙම පුපුරණ ද්‍රව්‍යය ආරක්ෂිතව ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින අතර, ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව තහවුරු වන තෙක් පනවා ඇති මාර්ග බාධක සහ ආරක්ෂක වළලු ඉවත් නොකරන බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි. මේ හේතුවෙන් ක්‍රයිස්ට්චර්ච් ගුවන් තොටුපළ දෙසට ගමන් කරන ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, අදාළ ප්‍රදේශයට ඇතුළු වීමෙන් වළකින ලෙසත් දැනුම් දී ඇත.














