ලොව සුප්‍රසිද්ධ ක්‍රීඩා ඇඳුම් නිෂ්පාදන සමාගමක් වන නයික්, මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා නිර්මාණය කළ ක්‍රීඩා ඇඳුම්වල පවතින සැලසුම් දෝෂයක් පිළිබඳව මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පසුගියදා පැවැත්වුණු ජාත්‍යන්තර තරග වාරයන්හිදී එංගලන්තය, ප්‍රංශය සහ උරුගුවේ යන කණ්ඩායම් ඇඳ සිටි නිල ඇඳුම්වල උරහිස් ප්‍රදේශයේ අනවශ්‍ය ලෙස මතු වී පෙනෙන මැහුම් දෝෂයක් (Bulging) නිරීක්ෂණය වී ඇති අතර මෙය ක්‍රීඩකයන්ගේ මෙන්ම ලෝකවාසී පාපන්දු ලෝලීන්ගේද දැඩි අවධානයට ලක්ව ඇත.
නයික් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට බලපෑමක් ඇති නොකළද, ඇඳුමේ පෙනුම බලාපොරොත්තු වූ උසස් මට්ටමේ නොමැති බවයි. විශේෂයෙන්ම ක්‍රීඩකයන් සඳහා නිර්මාණය කළ මිල අධික නිල ඇඳුම්වල මෙන්ම රසිකයන් සඳහා වෙළඳපොළට නිකුත් කර ඇති ඇඳුම්වලද මෙම දෝෂය දක්නට ලැබෙන අතර, ඒ පිළිබඳව බොහෝ රසිකයන් සිය අසතුට පළ කර තිබේ. එංගලන්තය ඇතුළුව කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ නෙදර්ලන්තය වැනි ප්‍රබල රටවල් රැසක නිල ඇඳුම් නිෂ්පාදනය කරනු ලබන්නේද නයික් සමාගම විසිනි.
එළඹෙන ජූනි 11 වනදා ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේදී පවතින අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන පරිදි නවීන තාක්ෂණය යොදාගනිමින් මෙම ඇඳුම් නිර්මාණය කර තිබුණි. කෙසේ වෙතත් තරගාවලිය ආරම්භ වීමට පෙර මෙම දෝෂය නිවැරදි කර ක්‍රීඩකයන්ට සහ රසිකයන්ට උසස් ප්‍රමිතියෙන් යුත් ඇඳුම් ලබා දීමට කටයුතු කරන බව නයික් සමාගම වැඩිදුරටත් අවධාරණය කර සිටියි. 2013 වසරේ සිට එංගලන්ත කණ්ඩායමේ නිල ඇඳුම් අනුග්‍රාහකයා ලෙස කටයුතු කරන්නේද මෙම සමාගමයි.














