• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

නයින්වෙල්ස් රෝහල එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (UNGC) සමඟින් එක්වේ

23 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවාව තුළ මෙන්ම මෙරට කාන්තා හා ළමා සෞඛ්‍ය සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයෙකු වන නයින්වෙල්ස් රෝහල, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (United Nations Global Compact – UNGC) සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙම ගෝලීය වැඩසටහන සමග එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකික රෝහල නයින්වෙල්ස් වන අතර, එය වගකීම්සහගත ව්‍යාපාරකරණය, තිරසාරත්වය සහ ආචාරධාර්මික සෞඛ්‍ය සේවා සම්පාදනය සම්බන්ධයෙන් නයින්වෙල්ස් රෝහල දක්වන උනන්දුව හා කැපවීම යළිත් තහවුරු කරයි.

එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය (UNGC) යනු තිරසාර සහ සමාජයීය වශයෙන් වගකීම්සහගත ක්‍රමවේදයන් භාවිතයට ගැනීමට ලොව පුරා ව්‍යාපාර දිරිගන්වන ස්වේච්ඡා වැඩසටහනකි. මානව හිමිකම්, කම්කරු ප්‍රමිතීන් පරිසර සංරක්ෂණය සහ දූෂණ විරෝධි විධිවිධාන යනාදිය පදනම් කරගත් මූලධර්ම 10ක් කෙරෙහි එහිදී විශේෂ අවධානයක් යොමු කෙරේ. සියලුම දෙනා වෙනුවෙන් වඩාත් ආචාරධාර්මික සහ සාධාරණ අනාගතයක් නිර්මාණය කිරිමට ගෝලීය ප්‍රජාවන් එකමුතු කිරීම UNGC වැඩසටහනේ පරමාර්ථයයි.

නයින්වෙල්ස් රෝහලට ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය සහ පාරිසරික භාරකාරත්වය යන ප්‍රධාන මූලධර්ම ඔස්සේ කාන්තා සහ ළමා සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තය ශක්තිමත් පදනමක් බවට පත්වනු ඇත. UNGC වැඩසටහනට සමග එක්වීමත් සමග නයින්වෙල්ස් රෝහල ස්ත්‍රී පුරුෂ සමානත්වය තහවුරු කිරීම, මානව හිමිකම් හා කම්කරු ප්‍රමිතීන් උදෙසා වඩාත් පුළුල් ලෙස කැපවීම, දූෂණ විරෝධී විධිවිධාන තරකිරීම සහ තිරසාරත්ව වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගනු ඇත. එමෙන්ම එය ව්‍යාපාරයක් ලෙස සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පරිපූර්ණ හා තිරසාර ප්‍රවේශයක් ප්‍රවර්ධනය කරන අතරම, සමාජයේ අභිවෘද්ධිය සඳහා සක්‍රීයව දායක වෙමින්, වඩාත් සාධාරණ හා දයාන්විත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා කැපවීම දිරිගන්වයි.

“දශක දෙකක් තිස්සේ නයින්වෙල්ස් රෝහල මෙරටට ගුණාත්මක සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් කැපීපෙනෙන ආදර්ශයක් සැපයීමට සමත් වී තිබෙනවා. එම මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින්, ගෝලීය ප්‍රමිතීන් සහ ආචාරධාර්මික විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා UNGC වැඩසටහන සමග එක්වීමට අප තීරණය කළා. මෙම හවුල්කාරිත්වය, වගකීම සහ වගවීම පිළිබඳ ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කරමින් විශේෂඥ සෞඛ්‍ය සේවාවන් සැපයීම සම්බන්ධ අපගේ දැක්මේ ප්‍රතිමූර්තියක් ලෙස හැඳින්විය හැකියි.” නයින්වෙල්ස් රෝහලේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය විබාෂ් විජේරත්න මහතා පැවසී ය.

දීර්ඝ කාලයක පටන් මෙරට කාන්තාවන්, දරුවන් සහ පවුල් වෙනුවෙන් විශිෂ්ටතම මට්ටමේ සෞඛ්‍ය සේවාවන් පිරිනැමීම සම්බන්ධයෙන් කීර්තියක් දිනා සිටින නයින්වෙල්ස් රෝහල, මේ ආකාරයට UNGC වැඩසටහන සමග එක් වූ ප්‍රථම ශ්‍රී ලාංකික රෝහල බවට පත්වීමේ ගෞරවයද හිමිකර ගැනීමට සමත් වී සිටී. ඉදිරිගාමී දැක්මක් ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමේ අරමුණින් නයින්වෙල්ස් රෝහල ගත් මෙම තීරණය, වගකීම්සහගත බව හා තිරසාරත්වය සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය සේවයට මනා ආදර්ශයක් වනු නො-අනුමාන ය.

පිටපත – PR

Post Views: 2
Previous Post

මෙරට නව තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

Next Post

අමරවීරයි දුමින්දයි සේනා දළඹුවාගෙන් ඡන්ද ව්‍යාපාරය පටන් අරන් – මන්ත්‍රීනි රෝහිණි

editor

editor

Next Post

අමරවීරයි දුමින්දයි සේනා දළඹුවාගෙන් ඡන්ද ව්‍යාපාරය පටන් අරන් - මන්ත්‍රීනි රෝහිණි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved