8 September 2024
#ක්‍රීඩා #දේශීය #පුවත්

කිසිදු ක්‍රීඩා සම්මේලනයක් සඳහා අතුරු කමිටු පත් නොකරයි – ක්‍රිඩා ඇමැති හරින්

ක්‍රීඩා සංගම් හා සම්මේලන 04 කට අදාල නිලවරණය නිසි පරිදි පැවැත්වීම සදහා 2024.05.29 වන දින අංක 2386/08 දරන ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම අමාත්‍යවරයාගේ හා රජයේ ප්‍රතිපත්තියක් වන කිසිදු ක්‍රීඩා සංගමයකට හෝ සම්මේලනයක් වෙත අතුරු පාලක කමිටු නොදැමිය යුතුය යන ප්‍රතිපත්තිය දිගටම පවත්වාගෙන යා යුතු බව අමාත්‍යවරයා අවධාරණය කලේය.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා සංශෝදන අනුව 32 සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් 2024.05.29 වන දින අංක 2386/08 දරන ගැසට් පත්‍රයෙන් පහත ක්‍රීඩාවන් සදහා වන ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනයන්හි ලියාපදිංචිය තාවකාලික අත්හිටවූ අතර ඒවාහි තාවකාලික කටයුතු සහ නීත්‍යානුකූල නිළවරණයන් පැවැත්වීම සදහා පමණක් 2024.05.29 දින සිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බලධාරියා වශයෙන් පත් කර ඇත.

01.ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය
02.ශ්‍රී ලංකා රග්බි සංගමය
03.ශ්‍රී ලංකා මොටර් රථ සම්මේලනය
04.ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය සදහා නාම යෝජනා කැදවන අවස්ථාවේ දී බල පැවැත්වූ රෙගුලාසි 2024 මැයි 03 වනදායින් අහෝසි වූ බැවින් නව රෙගුලාසි යටතේ නාම යෝජනා කැදවා ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සුදුසු බව තීරණය කරන ලැබේ.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිල කාලය 2024 මැයි 31 වන දින අවසන් වන බවත්, ජාත්‍යන්තර රග්බි සම්මේලනය සහ ආසියානු රග්බි සම්මේලනය සමග ඇතිකරගත් එකගතාවක් මත ශ්‍රී ලංකා රග්බි සංගමයේ ව්‍යවස්ථාවට සිදු කිරීමට නියමිත සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව එහි මහ සංගමය පැවැත්වීමට පහසුකම් සලසා දීම සදහා මෙම තීරණය කෙරිණ.

ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය විසින් ඔවුන්ගේ නිලවරණය පැවැත්වීමට කල් දිගුවක් ඉල්ලා සිටි හෙයින් ඒ සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත නිලවරණය නිසියාකාරයෙන් හා නීත්‍යානුකූලව පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස පත් කරන ලදි.

ශ්‍රී ලංකා පාපැදි සංගමය විසින් නිලවරණ කමිටුව පත් කිරීම සදහා විශේෂ මහ සභා රැස්වීම කැදවීමට අපොහොසත් වූ හෙයින් ඒ සම්බන්ධව පැවැත්වීමට නියමිත නිලවරණය නිසියාකාරයෙන් හා නීත්‍යානුකූලව පැවැත්වීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා ලෙස පත් කරන ලදි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *