ඉන්දියාවේ නොයිඩා (Noida) කාර්මික කලාපයේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කම්කරුවන් ආරම්භ කළ විරෝධතාවක් අද (අප්‍රේල් 13) ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබේ. නොයිඩා හි 1, 60 සහ 84 යන අංශවල (Sectors) ප්‍රධාන මාර්ග අවහිර කරමින් කම්කරුවන් පිරිසක් වාහනවලට ගිනි තබා ඇති අතර, ගල් ප්‍රහාර එල්ල කරමින් දේපළවලට ද හානි කර ඇති බව වාර්තා වේ. තෙවන දිනටත් ක්‍රියාත්මක වන මෙම විරෝධතාව පාලනය කිරීම සඳහා පොලිසිය දැඩි බලයක් යොදා ඇති අතර ප්‍රදේශයට විශාල පොලිස් බලඇණියක් කැඳවා තිබේ.
හර්යානා ප්‍රාන්තයේ පවතින වැටුප්වලට සාපේක්ෂව තමන්ට ද ඉහළ වැටුප් සහ යහපත් සේවා කොන්දේසි ලබා දෙන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය පැවැත්වේ. විරෝධතාවය හේතුවෙන් නොයිඩා සහ දිල්ලි අතර ප්‍රධාන මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, මගීන් සහ කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇත. ප්‍රදේශයේ වාහන ගිනිබත් වන අයුරු සහ දුම් වලා නැගෙන අයුරු දැක්වෙන දර්ශන මේ වන විට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.
බලධාරීන් ප්‍රකාශ කරන්නේ තත්ත්වය පාලනය කිරීමට සහ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් හඳුනා ගැනීමට සහ ඉදිරි හානි වැළැක්වීමට ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන බව ද පොලිසිය සඳහන් කරයි.














