නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව මෑතකාලීනව පහළ යාම සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා රජය සහ පාර්ලිමේන්තු කෝප් කමිටුව මේ වන විට විශේෂ පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ ආනයනය කරන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බවට එල්ල වූ චෝදනා සහ ඒ හේතුවෙන් බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට සිදුවිය හැකි හානිය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇති අතර පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු පිරිසක් පසුගියදා බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. එහිදී මෑතකදී ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතය නිසා යන්ත්‍රෝපකරණවලට සෘජු හානියක් සිදුව නොමැති බවට මූලික නිගමනයකට පැමිණියද, ගල් අඟුරු සාම්පල පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව ස්වාධීන රසායනාගාරයක් හරහා සිදුකිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම කමිනොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන ධාරිතාව මෑතකාලීනව පහළ යාම සහ ඒ ආශ්‍රිතව මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා රජය සහ පාර්ලිමේන්තු කෝප් කමිටුව මේ වන විට විශේෂ පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ ආනයනය කරන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බවට එල්ල වූ චෝදනා සහ ඒ හේතුවෙන් බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට සිදුවිය හැකි හානිය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වී ඇති අතර පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා ඇතුළු පිරිසක් පසුගියදා බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. එහිදී මෑතකදී ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතය නිසා යන්ත්‍රෝපකරණවලට සෘජු හානියක් සිදුව නොමැති බවට මූලික නිගමනයකට පැමිණියද, ගල් අඟුරු සාම්පල පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව ස්වාධීන රසායනාගාරයක් හරහා සිදුකිරීමේ අවශ්‍යතාවයක් පවතින බව එම කමි#powerinvestigationටුව අවධාරණය කර ඇත.
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතය නිසා බලාගාරයේ උත්පාදන ධාරිතාව මෙගාවොට් 810 සිට 750 දක්වා පමණ පහළ ගොස් ඇති බවට වාර්තා පළ වීමත් සමඟ ඒ පිළිබඳව විධිමත් තාක්ෂණික ඇගයීමක් සිදුකිරීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් සත් පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ. ගල් අඟුරුවල තාපජ අගය අඩුවීම නිසා බලාගාරයේ ගල් අඟුරු කුඩු කරන යන්ත්‍ර අවහිර වීම සහ දුම් කවුළුවලින් අධික ලෙස කළු දුම් පිටවීම වැනි ගැටලු පිළිබඳව මෙම කමිටුව විමර්ශනය කරන අතර මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දෙන්නේ බලාගාරයේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා ඇතිවන විදුලි හිඟය පියවා ගැනීමට ඩීසල් බලාගාර වැඩිපුර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් රුපියල් බිලියන 8.5ක පමණ අතිරේක මූල්‍ය අලාභයක් සිදුව ඇති බවයි. ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ජාතික පද්ධතියට දෛනිකව විශාල විදුලි ප්‍රමාණයක් අහිමි වන බවට විපක්ෂය ද චෝදනා කරන පසුබිමක මෙම පරීක්ෂණ වාර්තාවල නිගමනයන් ඉදිරි බලශක්ති සුරක්ෂිතතාවය සඳහා තීරණාත්මක වනු ඇත.















