නොරොච්චෝලය ලක්විජය විදුලි බලාගාරයේ ගල්අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් එහි ක්‍රියාකාරීත්වයට බරපතළ බාධා එල්ල වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙම යන්ත්‍ර නතර වීම හේතුවෙන් බලාගාරයේ එක් පද්ධතියක් දැනට ක්‍රියාත්මක වන්නේ ඉතා අඩු ධාරිතාවයකින් බවත්, ඒ හරහා අධික ලෙස ධූමාරය නිකුත් වෙමින් පවතින බවත්ය.
මේ අතර බාල ගල්අඟුරු දහනය කිරීම හේතුවෙන් බලාගාරයේ එක් කොටසක වැඩකටයුතු නතර කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ද මෙහිදී ප්‍රකාශ කළේය. බලාගාරයේ චිමිනියෙන් මේ වන විට ඉතා ප්‍රබල ලෙස කළු දුමාරයක් නිකුත් වෙමින් පවතින අතර එහි ස්ථාපිත කර තිබූ පෙරහන් පද්ධතිය (Filter System) ඉවත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙම තත්ත්වය හේතුවෙන් බලාගාරය අවට ප්‍රදේශයේ බරපතළ ලෙස පරිසර හානියක් සිදුවෙමින් පවතින බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, රජයේ මෙම ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේය.














