රජයේ අක්‍රමවත් කළමනාකරණය හේතුවෙන් මෙරට ප්‍රධානතම ගල් අඟුරු බලාගාරය වන නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ඉදිරි මාස කිහිපය තුළ අක්‍රිය වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පවතින ගල් අඟුරු සංචිත වේගයෙන් අවසන් වෙමින් පවතින බැවින් ලබන අගෝස්තු 27 වනදා වන විට ලක්විජය බලාගාරය වසා දැමීමට සිදුවනු ඇති බවයි. එමෙන්ම ඇණවුම් කර ඇති ගල් අඟුරු නැව් 25ම මෙරටට පැමිණියද, පවතින සැපයුම් දාමයේ ගැටලු මත ලබන ඔක්තෝබර් 02 වනදා වන විට නැවතත් බලාගාරය අක්‍රිය වීමේ තත්ත්වයක් උද්ගත වන බව ඔහු අනාවරණය කළේය. මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී රට තුළ බරපතල විදුලි අර්බුදයක් නිර්මාණය වීමේ ඉඩකඩ පවතින බවට ද හෙතෙම රජයට අනතුරු ඇඟවීමක් කළේය.














