උතුරු කොරියාව සහ බෙලාරුස් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර නව රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුමකට අත්සන් තබා තිබේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ බෙලාරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර පියොංයැං නුවරදී ඊයේ (26) පැවති විශේෂ රාජ්‍ය තාන්ත්‍රික හමුවේදී මෙම තීරණාත්මක එකඟතාවන්ට එළඹුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම හමුව දෙරටේ ඉහළම නායකත්වයන් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාව ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙස සැලකේ.
මෙම නව ගිවිසුම මඟින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය සහ මහජන සෞඛ්‍ය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. දෙරට අතර දැනුම සහ සම්පත් හුවමාරු කර ගනිමින් පොදු අරමුණු ජය ගැනීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත. ජාත්‍යන්තර දේශපාලන කරළියේ සිදුවන වෙනස්කම් හමුවේ මෙම නව සන්ධානය කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන්ද විශේෂ අවධානයට ලක්වනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.













