ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තබා කමේනි මහතා වෙත උතුරු කොරියාවේ නිල සහාය හිමිවන බව එරට මධ්‍යම පුවත් ඒජන්සිය වාර්තා කරයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකින බව පවසන උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය, එම ප්‍රහාර නීති විරෝධී ක්‍රියාවන් බවට ද චෝදනා කරයි.
ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුමේ 12 වැනි දිනය සනිටුහන් කරමින් නිකුත් වූ මෙම නිල ප්‍රකාශය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය මැදපෙරදිග කලාපය තුළ “මැර කණ්ඩායමක්” ලෙස හැසිරෙන බවයි. ඉරානයේ අභ්‍යන්තර තීරණයක් ලෙස නව නායකයා තෝරා පත් කර ගැනීමට ඇති අයිතියට උතුරු කොරියාව ගරු කරන බවත්, කලාපීය ස්ථාවරත්වය බිඳ දැමීමට බටහිර බලවේග ගන්නා උත්සාහය පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බවත් උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.














