ක්‍රියාත්මකයිනෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ (Oslo) නුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අසල අද (08) අලුයම ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දේශීය වේලාවෙන් අලුයම 01:00 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, ඒ සමඟම නෝර්වේ පොලිසිය එම ප්‍රදේශය වටලා දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබේ.
පොලිස් මෙහෙයුම් ප්‍රධානී මයිකල් ඩෙලමියර් (Michael Dellemyr) සඳහන් කරන්නේ පිපිරීමෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලට සුළු හානි සිදුව ඇති නමුත් කිසිදු පුද්ගල මරණයක් හෝ තුවාල ලැබීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි. මෙම පිපිරීමට හේතුව හෝ ඒ පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, නෝර්වේ බලධාරීන් අමෙරිකානු තානාපති කාර්යාලය සමඟ එක්ව මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඔස්ලෝ නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටි මෝර්ගෙඩල්ස්වෙගන් (Morgedalsvegen) දිස්ත්‍රික්කයේ මෙම තානාපති කාර්යාලය පිහිටා තිබේ.














