හෝමාගම, මොරගහහේන මාර්ගයේ පිහිටි හෝටලයකදී ඊයේ (09) රාත්‍රියේ සිදුවූ පහරදීමකින් 19 හැවිරිදි තරුණයෙකු ඝාතනය වී තිබේ. හෝමාගම හරිත විශ්වවිද්‍යාලයේ (NSBM) සිසුන් පිරිසක් විසින් පවත්වනු ලැබූ සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මියගොස් ඇත්තේ නිකදළුපොත, වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.













