නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාරිකයන් නගා සිටුවීම වෙනුවෙන් වසර 10කින් ගෙවා නිම කළ හැකි 5%ක ඉතා අඩු පොලී අනුපාතයක් සහිත නව ණය යෝජනා ක්‍රමයක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත. හීනවන ශේෂ ක්‍රමයට (Reducing Balance) පොලිය ගණනය කෙරෙන මෙම ණය වැඩසටහන පිළිබඳව ප්‍රාදේශීය ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නුවරඑළිය ලංකා බැංකු ශාඛා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ ඒ.ජී. බණ්ඩාර මහතා සඳහන් කළේ, නුවරඑළිය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බැවින් එම ක්ෂේත්‍රයට අදාළ විවිධ සේවා සපයන කර්මාන්තකරුවන්ට මෙමඟින් විශාල සහනයක් ලැබෙන බවයි. 2016 සංගණනයට අනුව දිස්ත්‍රික්කයේ පවතින ව්‍යාපාර 24,000න් 40%ක් පමණ වන නිෂ්පාදන, ඉදිකිරීම් සහ සේවා අංශවල නියුතු සියලු දෙනා ආවරණය කිරීම මෙහි අරමුණයි. කර්මාන්ත අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය හෝ ව්‍යවසායක සංවර්ධන අධිකාරිය මගින් නිර්දේශ කරනු ලබන ව්‍යවසායකයන්ට පමණක් මෙම ණය පහසුකම ලබාගත හැකි බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














