පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ සහ දිය ඇලිවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම ඉහළ කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව අවම වීම නිසා ජල විදුලි උත්පාදන කටයුතුවලට ද මේ වන විට බාධා එල්ල වී තිබේ. මීට අමතරව, සංචාරක ආකර්ෂණය දිනාගත් දර්ශනීය ඩෙවෝන් සහ සෙන් ක්ලෙයාර් දිය ඇලිවල ද ජල ප්‍රමාණය බෙහෙවින් අඩු වී ඇති බව අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරුවන් පෙන්වා දෙයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයට පමණක් නොව, දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් බොහෝ වැව්, ගංගා සහ ඇළ දොළවල ජල මට්ටම් ද ශීඝ්‍රයෙන් පහළ බැස ඇත. මෙම තත්ත්වය හමුවේ පානීය ජල සැපයුමට මෙන්ම කෘෂිකාර්මික කටයුතුවලට ද ඉදිරියේදී බලපෑම් එල්ල විය හැකි බවට අනාවැකි පළ වේ. පවතින ජල හිඟය සැලකිල්ලට ගෙන ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














