ඇමරිකානු සුප්‍රකට ‘Migos’ කණ්ඩායමේ රැප් ගායකයෙකු වන ඕෆ්සෙට් හෙවත් කියාරි කෙන්ඩ්‍රල් සීෆස් (Kiari Kendrell Cephus), ෆ්ලොරිඩාහි හොලිවුඩ් ප්‍රදේශයේ ‘Seminole Hard Rock Hotel & Casino’ ආයතනය අසලදී ඊයේ (06) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන (Stable condition) බව පොලිස් වාර්තා සනාථ කරයි.
සෙමිනෝල් පොලිසිය ප්‍රකාශ කළේ රාත්‍රී 7:00 ට පමණ මෙම සිදුවීම වාර්තා වූ බවත්, වෙඩි තැබීම සිදු වූ ස්ථානය මේ වන විට ආරක්ෂිත බවත්ය. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර මහජනතාවට කිසිදු තර්ජනයක් නොමැති බව ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.
මේ අතර, ඕෆ්සෙට්ගේ හිටපු බිරිඳ වන සුප්‍රකට රැප් ගායිකා කාඩි බී (Cardi B) ගේ සමාජ මාධ්‍ය සටහන් කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත. වෙඩි තැබීමට පැය කිහිපයකට පෙර ඇය සිය නවතම සංගීත ඇල්බමය වන ‘Am I The Drama’ සහ ඇයගේ සංගීත දිවියේ සාර්ථකත්වය පිළිබඳව එක්ස් (X) පණිවුඩයක් නිකුත් කර තිබුණි. මෙම වෙඩි තැබීමත් සමඟ බොහෝ රසිකයින් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ඕෆ්සෙට්ගේ සුවදුක් විමසමින් සිටිති.














