• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම ගැන පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ 2022 වාර්ෂීක මහසභා රැස්වීමේදී සාකච්ඡා

3 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පාම් ඔයිල් සංගමය (POIASL) සිය 4 වැනි මහා සභා රැස්වීම 2022 පසුගියදා කොළඹ දී පැවැත්වන ලදී.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු මහ කොමසාරිස් – Dato Tan Yang Thai, සහ ඉන්දුනීසියානු ජනරජයේ තානාපති, Dewi Gustina Tobing යන මහත්ම මහත්මීන් මෙන්ම, පාම් ඔයිල් වගාකරුවන්, පිරිපහදු කරන්නන්, සැකසුම්කරුවන්, නිෂ්පාදන අලෙවිකරුවන් සහ විකුණුම්කරුවන් සහ පුද්ගලික ආරාධිතයින් ඇතුළු පාර්ශවකරුවන්, පෞද්ගලික මෙන්ම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විවිධ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ විධායක කමිටුව ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, POIASL හි මූලික අවධානය තරඟකාරී, සහ තිරසාර පාම් ඔයිල් වගාව හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික බෝග විවිධත්වය වැඩිදියුණු කිරීමයි.

පසුගිය කාලවකවානුවේ කොවිඩ්-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇති පෙර නොවූ විරූ අභියෝග පිළිබඳවත්, ඉන් අනතුරුව පොහොර තහනම සහ පාම් ඔයිල් සම්බන්ධයෙන් වන ව්‍යාජ මිථ්‍යාවන් පිළිබඳව ද මෙම මහ සභා රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. මෙම අභියෝග මධ්‍යයේ වුවද, ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර හරහා වැරදි තොරතුරු සහ මිත්‍යා මත වෙනස් කරන අතරම, දේශීය ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා POIASL උපාය මාර්ගික සැලැස්මක් ද සකස්කර තිබේ. එබැවින් දැනට පනවා ඇති සීමා ලිහිල් වීමක් ඉදිරි කාලයේදී බලාපොරොත්තු විය හැකි බවද මෙහිදී සාකච්ඡා විය.

ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සඳහා පනවා ඇති තහනම නුදුරේදීම ඉවත් කිරීමට අවස්ථාවක් ලැබුනහොත්, එය අපේ රටේ සාර්ව ආර්ථික තත්ත්වය වැඩිදියුණු කර ගැනීමටත්, ආහාරයට ගත හැකි තෙල් සම්බන්ධයෙන් ස්වයංපෝෂිතභාවයක් ඇති කිරීමටත් අවස්ථාවක් ලබා දෙන අතරම, පොල්තෙල් ආශ්‍රිත අගය එකතු කිරීම් වල අපනයන ආදායම ඉහළ නැංවීමට අවස්ථා විවර කර ගැනීමක් වනු ඇතැයි යනුවෙන් POIASL හි සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය. පාම් ඔයිල් කර්මාන්තයට ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීමට ඉඩ හැරීම තුලින් කුඩා වතු හිමියන් සවිබල ගැන්වීමට අමතරව ග්‍රාමීය ආර්ථිකයන් ප්‍රතිනිර්මාණය කිරීමක්ද එමගින් සිදුවනු ඇත. අපි ආසියානු පාම් ඔයිල් සන්ධානය සමඟ සහයෝගීතාවයක් ඇති කිරීමට කටයුතු කර ඇති අතරම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ සිටින අපගේ මිතුරන් මෙම වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන සහයෝගය ඉතා අගය කරන බව ඔහු වැඩිදුරටත් පැවසිය.

මෙම හමුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය Dewi Gustina Tobing මහත්මිය, මෙසේ පැවසුවාය. “පාම් ඔයිල් සඳහා ගෝලීය ඉල්ලුම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර පාම් ඔයිල් කර්මාන්තය පාරිසරික වශයෙන් සහ ආර්ථික වශයෙන් තිරසාර වෙනවා. මෙය අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ආහාරයට ගතහැකි තෙල්වලින් ස්වයංපෝෂිත වීම සඳහා ශ්‍රී ලංකාවට ස්වර්ණමය අවස්ථාවක් වන අතර, මේ සඳහා අපගේ ශ්‍රී ලාංකික මිතුරන්ට උපකාර කිරීමට අපි කැමැත්තෙමු. මෙම විශේෂ අවස්ථාවෙහිදී, දශක ගණනාවක් පුරා ලෝකයේ ප්‍රමුඛතම එළවළු තෙල් ලෙස පාම් තෙල් පවතින බැවින්, ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාවන් සහ කර්මාන්තයේ දියුණුවට සහාය වීමට සියලුම පාර්ශවකරුවන් දිරිමත් කිරීමට මම කැමැත්තෙමි.”

“එලෙසම ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි ප්‍රධාන පාම් ඔයිල් නිෂ්පාදක රටවල් ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් කර්මාන්තයේ දියුණුවක් ඇති කිරීම සඳහා තාක්ෂණික සහය, දැනුම සහ හොඳම භාවිතයන් සමඟින් ආර්ථික තත්වය වැඩිදියුණු කිරීම සඳහා සහාය වීමට හැකිවීම පිළිබදව සතුටු වන බව ද මම දැඩිව විශ්වාස කරමි” ඇය පැවසුවාය.

‘කුඩා පරිමාණ වතු හිමියන් මෙම වගාවට සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්වනවා මෙන්ම පවත්නා ආර්ථික ගැටලු හමුවේ, ඔවුන් සවිබල ගැන්වීම වැදගත් බවත්, ඒ සඳහා පාම් ඔයිල් නිෂ්පාදනය කරන රටවල සහයෝගීතාව, හවුල්කාරිත්වය පෙරදැරි කරගත් සාමූහික පියවරක් අත්‍යවශ්‍ය වේ.” යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ඔයිල් පාම් වගාව පිලිබඳ සත්‍ය තොරතුරු මහජනතාවට ලබා දීමේ අරමුණින් සහ ඔයිල් පාම් වගාව සඳහා වූ තහනම ඉවත් කිරීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කරමින් POIASL හි 2022 වාර්ෂික මහා සභා රැස්වීම අවසාන කෙරිණි.

 

 

පිටපත – PR

Post Views: 2
Previous Post

මෙරට අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණයි – කර්මාන්ත ඇමති

Next Post

පොහොට්ටුවට රට හදන්න බෑ – අනුර දිසානායක

editor

editor

Next Post

පොහොට්ටුවට රට හදන්න බෑ - අනුර දිසානායක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved