හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ලබාදුන් අවසන් කාලසීමාවට පෙර ඉරානය එකඟතාවයකට නොපැමිණෙන්නේ නම් එරට සිවිල් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (07) තවදුරටත් ඉහළ ගොස් තිබේ බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110.34 දක්වා 0.5% කින් ඉහළ ගිය අතර ඇමෙරිකානු ඩබ්ලිව් ටී අයි (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 113.67 දක්වා 1.1% කින් ඉහළ ගොස් ඇත ඉරානය තාවකාලික සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරමින් යුද්ධය ස්ථිරවම නැවැත්විය යුතු බවට කරන ප්‍රකාශය ද මෙම මිල ඉහළ යාමට හේතු වී තිබේ
ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම නිසා ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ ඉදිරි දිනවලදී තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති ජනාධිපති ට්‍රම්ප් පනවා ඇති අඟහරුවාදා අවසන් කාලසීමාව හමුවේ ජාත්‍යන්තර තෙල් වෙළඳපොළ තුළ දැඩි නොසන්සුන්කාරී බවක් හටගෙන ඇත ඇමෙරිකානු හමුදාව සතු බලය ඕනෑම මොහොතක ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ධවල මන්දිරය අවධාරණය කිරීමත් සමඟ ආයෝජකයන් සිය අවධානය මැදපෙරදිග දෙසට යොමු කර තිබේ
බොරතෙල් මිල මෙලෙස ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි රටවල ඉන්ධන මිල සහ විදුලි ගාස්තු කෙරෙහි සෘජු බලපෑමක් ඇති කරන අතර එමඟින් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමේ අවදානමක් පවතී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ බලශක්ති පිරිවැය ඉහළ යාම ගෝලීය උද්ධමනය පාලනය කිරීමට බාධාවක් වනු ඇති බවයි ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින මෙම ගැටුම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට අපොහොසත් වුවහොත් ලෝක ආර්ථිකයට දැඩි අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇත














