එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා (Fujairah) වෙරළට නාවික සැතපුම් 23ක් නැගෙනහිරින් යාත්‍රා කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක හඳුනා නොගත් ප්‍රක්ෂේපණයක් ගැටී ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒජන්සිය (UKMTO) අද (17) නිවේදනය කළේය. මෙම ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ බාහිර ව්‍යුහයට සුළු හානි සිදුව ඇති නමුත් එහි සිටි කාර්ය මණ්ඩලයට කිසිදු අනතුරක් සිදුවී නොමැති බව එම ඒජන්සිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
ප්‍රහාරයෙන් පරිසරයට කිසිදු බලපෑමක් හෝ තෙල් කාන්දුවක් වාර්තා වී නොමැති බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය සහ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ අවිනිශ්චිතතාව හමුවේ මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි. විශේෂයෙන්ම ඉන්දීය සාගරයේ සහ ඒ අවට කලාපයේ නාවික ගමන් මාර්ගවල ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානයක් මේ වන විට යොමුව පවතී.














