හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඕමානයේ ‘ඛසාබ්’ (Khasab) වරායට ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකාවකට අද (01) දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම ප්‍රහාරයෙන් නෞකාවේ සිටි සේවකයන් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ඕමාන් බලධාරීන් තහවුරු කරයි. @WarMonitors පුවත් සේවයට අනුව, මෙම ප්‍රහාරය ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ උපායමාර්ගික මෙහෙයුමක කොටසක් ලෙස සැලකෙන අතර, මින් පෙර ඩුබායිහි ජෙබෙල් අලි වරායට එල්ල වූ බලපෑමෙන් පසු මුහුදු මාර්ගයේ සිදුවූ දරුණුතම සිදුවීම මෙයයි.
මේ අතර, ඉරාන හමුදාවේ මේජර් ජෙනරාල් හතාමි (Major General Hatami) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. “සතුරාගේ ප්‍රධාන සැලසුම වන්නේ අප අතර අසමගිය වැපිරීම” බව පවසන ඔහු, රටේ ඒකීයභාවය සහ සහයෝගීතාවය රැක ගන්නා ලෙස ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටියි. නායකත්වයේ අර්බුදයක් පවතින මොහොතක ජනතාව එක්සත්ව සිටීම අත්‍යවශ්‍ය බවත්, තමන් දේශයේ කැපවූ සෙබළෙකු ලෙස රට වෙනුවෙන් පෙනී සිටින බවත් ඔහු අවධාරණය කළේය.














