දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව යළි නගාසිටුවීම සඳහා රජය මගින් ස්ථාපිත කර ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදල ශක්තිමත් කිරීමට මෙරට ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ඉදිරිපත් වී තිබේ. රට වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් මෙම ක්‍රීඩා තරු එක්ව රුපියල් 582,786.18 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කරමින් විපතට පත් ජනතාව වෙනුවෙන් සිය මානුෂීය වගකීම ඉටු කර ඇත.
මෙම පරිත්‍යාගයට අදාළ චෙක්පත ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරමින් ප්‍රවීණ ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ මහත්මිය විසින් ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා නිම්මි ද සොයිසා, සුනිල් ගුණවර්ධන, නිලූකා සහ කයිල් අබේසිංහ වැනි ප්‍රකට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගී වී සිටීම විශේෂත්වයකි.
අසීරු අවස්ථාවන්හිදී ක්‍රීඩකයන් පෙන්වන මෙම සාමූහිකත්වය සහ දේශානුරාගය අනෙකුත් පුරවැසියන්ට ද මහත් ආදර්ශයක් වන අතර ‘Rebuilding Sri Lanka’ අරමුදල හරහා දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු තවදුරටත් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














