උඩපුස්සැල්ලෑව, ගල්ලෙන බැද්ද, මඩුල්ල ප්‍රදේශයේ ඊයේ (19) සවස 4.30 ට පමණ මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයාට අයත් ඉඩමක කොහොඹ ගසක පොතු ගැලවිමක් සම්බන්ධයෙන් මරණරු හා ඔහුගේ සහෝදර සහෝදරියන් අතර බහින් බස්වීමක් දුර දිග යාම හේතුවෙන් ඇති වු ආරවුලක් මත මරුණකරුගේ සහෝදරයා විසින් මරණකරුට පොල්ලකින් හිසට පහරදීමක් සිදු කර ඇත. එම අවස්ථාවේදී මෙම මරණය සිදුව ඇති බව පොලිසිය සිදු කල මුලික පරික්ෂණවලදි අනාවරණ වී තිබේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 50 ක් වු ගල්ලෙන බැද්ද, මඩුල්ල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මඩුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ආරවුලයට සම්බන්ධ සහ මරණකරුට පහර දුන් ඔහුගේ සහෝදරයාව මේ වන විට අත්අඩංගුවට ගෙන අද (20) වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් උඩපුස්සැල්ලෑව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.