හොරණ,වගවත්ත දෙස සිට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කල නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.
අද (10) අලුයම මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට පත්වු යතුරුපැදිකරු හා පසුපැදිකරු හොරණ මුළික රෝහලට ඇතුලත් කර පසු පැදිකරු මිය ගොස් ඇත.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 21 ක් වන කුඩාගල, ඇල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අනතුරින් යතුරුපැදිකරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.