• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ ජාතිය අහිකුණ්ඨකභාවයෙන් මුදවා ශ්‍රේෂ්ඨ ජාතිය කරන්න පුළුවන් ජනපති රනිල්ට විතරයි – මන්ත්‍රී වජිර

20 May 2024
in දේශීය, පුවත්
Wajira TTVnews
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජුනි මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම බංකොලොත් භාවයෙන් නිදහස්කර අහිකුණ්ඨක ජාතියක් බවට ලෝකය හැඳින්වූ අපේ ජාතිය නැවත ශ්‍රෙෂ්ඨ ජාතියක් බවට ලෝකය පිළිගන්නා තැනට පත්කරන බව තමන්ට විශ්වාස බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (20) උදෑසන ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මහජන හමුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක් වු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ” රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනාධිපතිධූරය බාරගත් දා සිට අද වන තෙක් ගත වූ මේ අවුරුදු දෙකක කාලය ඇතුළත ලෝකය තුළ කොන්වෙලා තිබුණු ශ්‍රී ලංකාව ලෝකයත් සමඟ ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස ඊට උදව්වන ජාත්‍යන්තර සම්මේලන ගණනාවක් අමතමින් ලෝකයේ අවධානය ශ්‍රී ලංකාව වෙතට යොමු කරගැනීමට එතුමා සමත්ව තිබෙනවා. එසේම මෙවරත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වූ ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. එහිදීද එතුමා ලෝකයේ සිටින ප්‍රබල ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් රැසක් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම විවිධ අවස්ථාවල රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලෝකයේ ප්‍රබල ධනවතුන්, ඒ වගේම ප්‍රබල ව්‍යාපාරිකයින් විශාල ප්‍රමාණයක් මුණ ගැසී සාකච්ඡා කර තිබෙනවා. ඒ සෑම කෙනෙක්ගෙම ආයෝජන ශ්‍රී ලංකාවට වැදගත්. ශ්‍රී ලංකාවේ ප්‍රබල ආයෝජකයින් නිදහසින් පසු අවුරුදු 75 තුළ බිහිවෙමින් තිබුණා. නමුත් ඒ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ තිබුණු ඇතැම් ප්‍රතිපත්ති නිසා විනාශ වී තිබෙනවා. ඒ ආයෝජකයින්ට පහර නොදී ඔවුන් ආරක්ෂා කරගෙන තිබුණා නම් ඒ අය ලෝකයේ රටවල්වල තිබෙන ව්‍යාපාරවල කොටස් කරුවන් වේවී. එසේනම් අපිත් ඒ ගැන සිතා කටයුතු කළ යුතුව තිබෙනවා. ලෝකයේ ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවයි මම හිතන්නේ. ඒ වගේම අද බොහෝ දෙනෙක් මැතිවරණය ගැන විවිධ අදහස් ප්‍රකාශ කරනවා. ඇතැම් අය කියනවා මහමැතිවරණයක් මුලින් එනවා. තවත් අය කියනවා ජනාධිපතිවරණයක් තමයි මුලින් එන්නේ කියලා. ඒ කොහොම වුණත් මට අහන්න තිබෙන්නේ රට අකර්මණ්‍ය වෙන මැතිවරණයක්ද? එහෙමත් නැතිනම් රට ශක්තිමත් වෙන මැතිවරණයක්ද රටට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කියලා. මොකද අපේ රටේ බංකොලොත් භාවයෙන් නිදහස් කර ගැනීමටත්, අපේ ආර්ථික සැලැස්ම ශක්තිමත්කර ගැනීමටත්, දේශපාලන ස්ථාවරභාවය ඉතා වැදගත්. ඒ නිසා තමයි බංකොලොත් රට බාරගන්නා අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ එතුමාට මුළු මහත් පාර්ලිමේන්තුවේම සහයෝගය අවශ්‍යයයි කියලා. ඒ නිසා පාර්ලිමේන්තුවේ විවිධ ආකාරයට 225 දෙනා තමන්ගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ලබාදෙමින් සිටිනවා. ඇතැම් අය තවමත් එය කඩාකප්පල් කිරීමට ජාතිද්‍රෝහීන් ලෙස ක්‍රියා කරමින් සිටිනවා. එවැනි කුමන්ත්‍රණ මහජනතාව ලෙස ඔබ පරාජය කළ යුතුයි. ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ ජනාධිපතිවරයෙක්. නිදහසින් පස්සේ ලංකාවට නියම බාරකාරයෙක් සිටියේ නැහැ. නමුත් මේ වනවිට අවුරුදු 50 ක පළපුරුද්දක් තිබෙන නායකයෙක් වැටුණු රට අවුරුදු 2 ක් වැනි කෙටි කාලයක් තුළ ගොඩගනිමින් තිබෙනවා. තාමත් එම ක්‍රියාවලිය අවසන් වෙලා නැහැ. ජුනි මාසය වනවිට එතුමා මේ රට සම්පූර්ණ බංකොලොත්භාවයෙන් මුදවලා, එතුමා බාරගත් වගකීම ඉටුකළ යුතුව තිබෙනවා. නමුත් එතැනිනුත් මෙය අවසන් වෙන්නේ නැහැ. එතැනින් පටන් ගන්න ගමන ශ්‍රී ලංකාව ඉතාමත් පරිස්සමින් ඉදිරියට යා යුතුව තිබෙනවා. එසේනම් ඕනෑම සාමාන්‍ය පුරවැසියෙකුට අවබෝධවිය යුතු කරුණ තමයි, ලංකාවට සාමාන්‍ය ජනාධිපති කෙනෙක්ද පත් කරගන්න ඕන, එසේත් නොමැතිනම් ලෝකයත් සමග වැඩකළ හැකි, ලෝකයේ අවධානය ශ්‍රී ලංකාවට දිනාගත හැකි, ආසියාවේ බලවත් රාජ්‍යයක් ලෙස ලංකාව ඔසවා තැබිය හැකි මුළු මහත් ජාත්‍යන්තරයම හැසරවිය හැකි නායකයෙක්ද පත්කර යුත්තේ කියලා. එසේනම් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ඔබ මේ ගැන හොඳින් සිතා බලා ජාතිය ගොඩගත් රනිල් වික්‍රමසිංහ නැමැති ජාතික නායකයාට ඔබේ කෘතවේදීත්වය පලකර යුතුව තිබෙනවා. පසුගිය අරගලයේදී ලංකාවේ තිබුණු සියලුම දේශපාලන පක්ෂ ජනාතාව විසින් ප්‍රතික්ෂේප කළා. විරුද්ධ පක්ෂයටත් ගෝල්ෆේස් පිට්ටනියේදී ගහලා එලවලා දැම්මා. මෙවැනි අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ නැමැති මේ යුගයේ පහළ වූ ජාතික නායකයා රටේ වගකීම තනිවම බාරගෙන මේ සියලුදෙයක්ම නිසියාකාරව හසුරවගෙන තමන්ගේ වගකීම ඉටුකරමින් සිටිනවා. ප්‍රායෝගිකව එය ඉටුකර පෙන්වමින් සිටිනවා. මටනම් කිසිම සැකයක් නැහැ එතුමා ජුනි මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම බංකොලොත් භාවයෙන් නිදහස් කරලා අහිකුණ්ඨක ජාතියක් බවට ලෝකය හැඳින්වූ අපේ ජාතිය නැවත ශ්‍රෙෂ්ඨ ජාතියක් බවට පිළිගන්නට සලස්වාවී. ජාතික නායකයෙක් මේ යුගයේ පහළ වී තිබෙනවා. එසේනම් එතුමාගෙන් මුළු මහත් ශ්‍රී ලාංකික ජාතිය ප්‍රයෝජන ගත යුතුව තිබෙනවා යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 14,880
Previous Post

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක තියන්න – මන්ත්‍රී හර්ෂණ

Next Post

ජවිපේ රට, ජාතියට කිසිදු යහපතක් කරලා නෑ – සුගීෂ්වර බණ්ඩාර

editor ttvnews

editor ttvnews

Next Post
ජවිපේ රට, ජාතියට කිසිදු යහපතක් කරලා නෑ – සුගීෂ්වර බණ්ඩාර

ජවිපේ රට, ජාතියට කිසිදු යහපතක් කරලා නෑ - සුගීෂ්වර බණ්ඩාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

උතුරා ගැලූ ගඟුලක් අද වියැළිලා – මාලනිය දිවිමගට සමු දෙයි

24 May 2025
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved