සුප්‍රකට ChatGPT නිර්මාණකරු වන OpenAI සමාගම විසින් එලොන් මස්ක් සහ ඔහුගේ සගයන්ගේ “අනිසි සහ තරඟ විරෝධී හැසිරීම්” පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කැලිෆෝනියා සහ ඩෙලවෙයාර් ප්‍රාන්ත බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ මෙම මස අගදී දෙපාර්ශවය අතර පැවැත්වීමට නියමිත නඩු විභාගයට පෙර OpenAI සමාගම මෙම පියවර ගෙන ඇත එලොන් මස්ක් විසින් OpenAI සමාගමට එරෙහිව ඩොලර් බිලියන 100 කට අධික වන්දියක් ඉල්ලා නඩු පවරා ඇති අතර එය සිය ආයතනය අඩපණ කිරීමේ අරමුණින් සිදු කරන්නක් බව OpenAI චෝදනා කරයි
OpenAI සමාගම ලාභ නොලබන පදනමක සිට ලාභ ලබන ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය වීම සිය ආරම්භක අරමුණු උල්ලංඝනය කිරීමක් බව පවසමින් මස්ක් මෙම නඩුව පවරා තිබුණි කෙසේ වෙතත් OpenAI පවසන්නේ මස්ක් සිය ප්‍රතිදිරි xAI සමාගම ප්‍රවර්ධනය කිරීමට සහ OpenAI ආයතනය විනාශ කිරීමට මෙම නීතිමය ක්‍රියාවලිය භාවිතා කරන බවයි මීට පෙර එලොන් මස්ක් විසින් OpenAI සමාගම මිලදී ගැනීම සඳහා මාර්ක් සකර්බර්ග්ගේ සහාය ලබා ගැනීමට ද උත්සාහ කර ඇති බව අධිකරණ ලේඛනවල සඳහන් වේ
කෘතිම බුද්ධිය (AI) මනුෂ්‍ය වර්ගයාගේ යහපත සඳහා භාවිතා කිරීමට තමන් දරන උත්සාහයට මෙම නඩු විභාගය බාධාවක් බව OpenAI සමාගමේ ප්‍රධාන උපායමාර්ගික නිලධාරී ජේසන් ක්වොන් පවසා ඇත මැදපෙරදිග පවතින ඉරාන යුද වාතාවරණය සහ ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ වුවද තාක්ෂණික ලෝකයේ මෙම දැවැන්තයන් දෙදෙනා අතර පවතින ගැටුම අනාගත කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ගමන් මග තීරණය කිරීමට ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති













