OpenAI සමාගම ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (Pentagon) සමඟ තාක්ෂණික ගිවිසුමකට එළඹී ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඕල්ට්මන් නිවේදනය කරයි. මෙම තාක්ෂණය ‘වර්ගීකරණය කරන ලද ජාලයක්’ (classified network) තුළ භාවිත කිරීමට නියමිතය. කෙසේ වෙතත්, තම තාක්ෂණය දේශීය සමූහ නිරීක්ෂණ සඳහා (domestic mass surveillance) හෝ ස්වාධීන අවි පද්ධති (autonomous weapons) සඳහා භාවිත නොකරන බවට අමෙරිකානු හමුදාව සමඟ එකඟතාවයකට පැමිණි බව ඕල්ට්මන් වැඩිදුරටත් කියා සිටී.
මෙම ගිවිසුම ඇති කරගෙන ඇත්තේ Anthropic සමාගම හමුදාමය භාවිතයන් සඳහා තම තාක්ෂණය ලබා දීමට එරෙහිව සදාචාරාත්මක ගැටළු මතු කිරීමෙන් පසුවය. ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් Anthropic සමාගම භාවිත කිරීම නවත්වන ලෙස ෆෙඩරල් ඒජන්සිවලට නියෝග කර තිබුණි.














