OpenAI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන්ගේ (Sam Altman) සැන් ෆ්රැන්සිස්කෝහි පිහිටි සුඛෝපභෝගී නිවසට පසුගිය සිකුරාදා ‘මොලොටොව් කොක්ටේල්’ (Molotov Cocktail) වර්ගයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. අලුයම 4:00ට පමණ නිවසේ ගේට්ටුවකට ගිනි තැබීමට උත්සාහ කළ බවට ලද වාර්තාවකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සැන් ෆ්රැන්සිස්කෝ පොලිසිය තහවුරු කරයි.
මෙම සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී සෑම් ඇල්ට්මන් නිවසේ සිටියේද යන්න පිළිබඳව අදහස් දැක්වීම OpenAI සමාගම ප්‍රතික්ෂේප කර ඇත. කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන OpenAI සමාගමට එරෙහිව පවතින විවිධ විවේචන සහ ආරක්ෂක ගැටලු මධ්‍යයේ මෙම සිදුවීම වාර්තා වී තිබේ. මීට අමතරව, OpenAI සමාගම මෑතකදී මුහුණ දුන් තෙවන පාර්ශවීය මෘදුකාංග සම්බන්ධ ආරක්ෂක ගැටලු සහ යුරෝපා සංගමය හරහා ඔවුන් වෙත එල්ල වී ඇති නීතිමය පීඩනයන් පිළිබඳව ද මේ වන විට ජාත්‍යන්තර අවධානය යොමුව පවතී.














