ඉරානයට එරෙහිව අමෙරිකානු ආරක්ෂක අංශ දියත් කර ඇති දැවැන්ත හමුදා මෙහෙයුමේ පළමු පැය 24 ඇතුළත ඉරාන භූමියේ ඉලක්ක 1,000කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. “ඔපරේෂන් එපික් ෆියුරි” (Operation Epic Fury) ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම සඳහා අතිනවීන රහසිගත බෝම්බ හෙලන යානා (Stealth Bombers), ඩ්‍රෝන යානා, ප්‍රහාරක ජෙට් යානා සහ මිසයිල පද්ධති විශාල වශයෙන් යොදාගෙන තිබේ.
එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා (CENTCOM) තහවුරු කර ඇති පරිදි, මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වී ඇත්තේ ඉරානයේ අණ සහ පාලන මධ්‍යස්ථාන, බැලැස්ටික් මිසයිල ගබඩා සහ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ඒකාබද්ධ මූලස්ථානයයි. මෙමගින් ඉරානයේ යුද ශක්තිය සහ සන්නිවේදන ජාලය අඩපණ කිරීම අමෙරිකාවේ මූලික අරමුණ වී ඇත. මෙවැනි දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය අතිශය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇති අතර, ලෝක බලවතුන්ගේ අවධානය මේ වන විට මෙම කලාපය දෙසට යොමුව පවතී.















