• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

OPPO A Series 2020 ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙයි

18 September 2019
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

OPPO A Series 2020 දුරකථන මාදිලි නිල වශයෙන් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව මින් ඉදිරියට OPPO A9 2020 සහ OPPO A5 2020 මාදිලි ශ‍්‍රී ලංකාවේදී මිලදීගැනීමට අවස්ථාව සැලසේ.

OPPO සමාගමේ නවතම නිෂ්පාදන වන මෙම දුරකථන මධ්‍යම මිල ප‍්‍රමාණයේ දුරකථන කාණ්ඩයට අයත් ය. උසස් ප‍්‍රමිතිය, සහනදායී මිල, අලංකාර නිමාව, විශිෂ්ට ඡුායාරූප සහ දිගුකල් පවතින බැටරිය වැනි සාධක නිසා මෙම දුරකථන තරුණ පරපුර අතර අතිශයින් ජනප‍්‍රිය වනු ඇත.

‘‘නව දශකයක ආරම්භය සනිටුහන් කිරීමක් මෙන්ම පසුගිය දශක දෙකක කාලය තුළ අපගේ A Series දුරකථන ලැබූ සාර්ථකත්වය සැමරීමක් වශයෙන් අප නව දුරකථන පෙළ OPPO A Series 2020 ලෙස නම්කළා. ඒ වගේම මෙය නව පරපුරක් වෙත අපගේ දුරකථන සමීප කරවීමක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. අනෙක් අතට මෙය ඉදිරි දශකය සඳහා වන අපගේ දැක්ම නිරූපණය කරනවා. තරුණ පරපුරේ අවශ්‍යතා පදනම් කරගනිමින්, අතිනවීන තාක්ෂණය, අලංකාර නිමාව, විශිෂ්ට තලයේ ඡුායාරූප ගැනීමේ හැකියාව, බලවත් ක‍්‍රියාකාරීත්වය වැනි සියලූ සාධක එක්තැන් කරන දුරකථන නිෂ්පාදනය කිරීම අපගේ අරමුණයි.” OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

ඡුායාරූප තාක්ෂණය තවතවත් දියුණු වෙයි

OPPO A9 2020 දුරකථන පැමිණෙනුයේ .’Multipurpose Quad Camera setup’ . එකක් සමගිනි. මීට 48MP ප‍්‍රධාන කැමරාවල 8MP Ultra-Wide Lens, 2MP Mono Lens, 2MP Portrait Lens වැනි අංග ඇතුළත් ය. OPPO A5 2020 හි ප‍්‍රධාන කැමරාව 12MP වේ. Ultra Night Mode 2.0 වැනි විශේෂාංග රැසක් මීට ඇතුළත් නිසා එය විශිෂ්ට ඡුායාරූප ගැනීමට උපකාරී වෙයි.

48MP ප‍්‍රධාන කාචය වැඩි resolution ප‍්‍රමාණයක් සමග ඡුායාරූපයේ පැහැදිලි බව වැඩි කරයි. 8MP 119° ultra-wide-angle කාචය ඡුායාරූප වඩාත් පරිපූර්ණ කිරීමට උපකාරී වේ. එය කුඩා අවකාශයක් තුළ පුළුල් පරාසයක් ආවරණය කිරීමට උපකාරී වන්නකි. Mono lens සහ Portrait Lens නිසා තම රුචිකත්වය පරිදි ඡුායාරූප සඳහා සෙකඑැරි යෙදිය හැක. මේවා වෙළඳපොළේ දැනට පවතින වෙනත් ස්මාර්ට්ෆෝන් වෙතින් ලැබෙන විශේෂාංග වලට වඩා වෙනස්, සුවිශේෂී වූ විශේෂාංග වේ.

Ultra Night Mode 2.0 රාත‍්‍රියේ පැහැදිලි ඡුායාරූප ගැනීම සඳහා උපකාරී වන අතර, HDR සහ Multi-Frame Technology මගින් සාමාන්‍ය මිනිස් ඇසේ හැකියාවන් ඉක්මවා යන තියුණු බවක් සහිත විශිෂ්ට ඡුායාරූප ලබාදෙයි. පරිසරයේ විවිධ ආලෝක වල අනවශ්‍ය දීප්තිය අවම කරමින්, ඡුායාරූපයේ මිනිස් රූප හොඳින් කැපීපෙනෙන ඡුායාරූප ලබාදීමට මෙම තාක්ෂණයන්ට හැකියාව ඇති නිසා ආලෝක තත්ත්වය කුමක් වුවද ඡුායාරූප විශිෂ්ට මට්ටමේ පවතී. Ultra Wide angleඡුායාරූප වලදී පවා Ultra Night Mode 2.0 භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි.

A9 2020 දුරකථනයේ 16MPසෙල්ෆි කැමරාවක් ඇතුළත් වන අතර A5 2020 දුරකථනයේ 8MP සෙල්ෆි කැමරාවක් ඇතුළත් වේ. වඩාත් අලංකාර සෙල්ෆි ඡුායාරූප ලබාදීම සඳහා මෙම මාදිලි දෙකටම AI Beautification තාක්ෂණය යොදා ඇත. සමේ වර්ණය, වයස, ස්ත‍්‍රී පුරුෂ භාවය ආදිය හඳුනාගෙන ඡුායාරූප ගැළපෙන පරිදි අලංකාර කිරීමේ හැකියාව මෙම දුරකථන සතු ය. අලූතින්ම යොදා ඇති Algorithm නිසා සෙල්ෆි ඡුායාරූප වලට වඩාත් ස්වාභාවික, අලංකාර සහ විශිෂ්ට පෙනුමක් ලැබේ.

මේ වනවිට වඩාත් විශිෂ්ට වීඩියෝ පටිගත කිරීමේ හැකියාවක් සඳහා පාරිභෝගිකයන් වෙතින් විශාල ඉල්ලූමක් ඇත. OPPO සමාගමේ නවතමstabilizationතාක්ෂණයන් එවැනි වීඩියෝ දර්ශන ලබාදීමට සමත් ය. මේ සඳහා මෙම දුරකථන දෙකටම gyroscope යොදා ඇති අතර එමගින් ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම යන අවස්ථා වලදී පවා වඩාත් ස්ථාවර දර්ශන ලබාදෙයි. එමෙන්ම නවතම වැඩිදියුණු කළ වීඩියෝ ෆිල්ටර නිසා කෙනෙකුට රිසි පරිදි, චිත‍්‍රපට වලට සමාන සජීවී දර්ශන නිර්මාණය කිරීමට අවස්ථාව ලැබේ. කෙටි වීඩියෝ Apps අතිශයින් ජනප‍්‍රිය වී ඇති මෙවැනි කාලයක මෙම විශේෂාංග කෙරෙහි කාගේත් අවධානය යොමුවනු නොඅනුමාන ය.

අලංකාරයත් ප‍්‍රායෝගිකත්වයත් මුසුකාරන සුවිශේෂී නිමාව

මීට පෙර OPPO දුරකථන වල සුවිශේෂී අංගයක් ලෙස ජනප‍්‍රිය වූ Waterdrop screen නව OPPO A Series 2020 දුරකථන සඳහා වඩාත් වැඩිදියුණු කර යොදා තිබේ. වැඩි අලංකාරයක් සහ පහසුවක් ගෙනදීම සඳහා එහි සමස්ත ප‍්‍රමාණය 31.4% කින් අඩුකර ඇත. අඟල් 6.5 තිරයක් වන මෙහි screen-to-body ratio අගය 89% කි. මෙහි Corning® Gorilla® Glass 3+ ( Third generation එකටද වඩා ශක්තිමත්* යොදා ඇති අතර එය සීරීම් ආදියට වඩාත් හොඳින් ඔරොත්තු දෙයි. සෘජු, දීප්තිමත් ආලෝකයන්හිදී මෙන්ම අඳුරු පරිසරයන්හිදී පවා තිරය හොඳින් දැකබලා ගැනීමට උපකාරී වීමට Sunlight Screen යොදා ඇත. අඩු ආලෝකයේදී ඇස් වෙහෙසීමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා Blue Light Filter එකක්ද භාවිතා කර තිබේ.

OPPO A9 2020 දුරකථන නිර්මාණය කර ඇත්තේ වඩාත් අලංකාර 3D gradient නිමාවක් අනුව ය. මෙහි සෑම දුරකථනයක්ම වක‍්‍ර වූ ත‍්‍රිමාණ තහඩු 4 ක් ලෙස නිර්මාණය කර ඇති අතර එමගින් වඩාත් සිහින් පෙනුමක් ලැබේ. තවද එම නිමාව නිසා දුරකථන අත්ල මත රඳවා ගැනීමද පහසු ය. මෙහි Nano-scale patterns නිසා විවිධ ආලෝකයන් සහ විවිධ කෝණයන් අනුව දුරකථනය විවිධ වර්ණ රටාවලින් දිස්වීම තවත් විශේෂත්වයකි.
විශිෂ්ට මට්ටමේ දෘඪාංග හා මෘදුකාංග

පැය 19 ක් දක්වා අඛණ්ඩව දුරකථනය භාවිතා කිරීමේ හැකියාව ලබාදෙන විශාල 5000mAh බැටරිය නිසා දවස පුරා ගැටලූවකින් තොරව දුරකථනය භාවිතා කළ හැක. එමෙන්ම Reverse Charging හැකියාව නිසා නිතර ගමනේ යෙදෙන පුද්ගලයන්ට වුවද බැටරිය බැසයාමේ ඉඩකඩ පිළිබඳව සිත් තැවුල් ඇතිකරගැනීමට අවශ්‍ය නොවේ.
ඉහළ නාද මට්ටම් වලදී පවා විශිෂ්ට මට්ටමේ හඬක් ලබාදෙන ද්විත්ව ස්ටීරියෝ ස්පීකර් පද්ධතියක් OPPO A Series 2020 දුරකථන වලට යොදා ඇත. Surround Sound Effect නිසා මෙහි නාදය වඩාත් පැහැදිලිව ආස්වාදනය කළ හැකි වේ. Dolby Atmos නිසා ඕනෑම ස්ථානයකදී සංගීතය, වීඩියෝ දර්ශන හෝ වීඩියෝ ක‍්‍රීඩා වල තෘප්තිය උපරිමයෙන් වින්දනය කළ හැක. මෙහි නාද ප‍්‍රමිතිය වෙනුවෙන් Hi-Res Audio සහතිකකරණය හිමිවී ඇති අතර සමස්තයක් ලෙස මෙහි නාද තාක්ෂණයන් සියල්ල වඩාත් විශිෂ්ට හා තාත්වික නාද රටාවන් ලබාදීමට සමත් ය.

8-core 64-bit ප්‍රොසෙසරය සහිත Qualcomm Snapdragon 665 පදනම නිසා OPPO A Series 2020 දුරකථන බලවත් ක‍්‍රියාකාරීත්වයක් සහිත දුරකථන පෙළක් බවට පත්වී ඇත. Snapdragon 450 භාවිතා කළ A7 දුරකථන වලට සාපේක්ෂව A9 2020 දුරකථන වල CPU 40% ක් වැඩිදියුණු වී ඇති අතර GPU 100% කට වැඩි ප‍්‍රතිශතයකින් වැඩිදියුණු වී තිබේ.

වීඩියෝ ක‍්‍රීඩා සම්බන්ධයෙන් ගත්විට, වඩාත් වැඩිදියුණු කළ Frame Boost සහ Touch Boost ලබාදෙන Game Boost 2.0 accelerator නිසා වීඩියෝ ක‍්‍රීඩාවල යෙදීම වඩාත් වේගවත් සහ තෘප්තිමත් අත්දැකීමක් බවට පත්වනු ඇත. Frame Boost මගින් දුරකථනයේ ක‍්‍රියාකාරීත්වය සජීවීව නිරීක්ෂණය කරමින් ප‍්‍රමාදයන් මගහරවාලයි. එමෙන්ම දුරකථනයේ බලය අනවශ්‍ය පරිදි වැය නොවන ආකාරයට සහ දුරකථන රත්වීමක් සිදු නොවන ආකාරයට ක‍්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට එය සමත් ය. Touch Boost මගින් ක‍්‍රීඩා වල යෙදෙන අතරවාරයේ එදමජයිජරුැබ එකේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධ සීරුමාරු කිරීම් සිදුකෙරෙන අතර දුරකථනය වඩාත් වේගවත් කිරීම සඳහා, applications ක‍්‍රියාත්මකව පවතින අතරම එහි සංවේදීතාව වැඩි කරයි.

Android 9.0 පදනම් කරගත් ColorOS 6 මෙහෙයුම් පද්ධතිය මෙම දුරකථන සඳහා යොදා ඇත. එය දීර්ඝකාලීනව දුරකථන භාවිතා කිරීමේදී පවා කෙනෙකුට වඩාත් ප‍්‍රසන්න අත්දැකීමක් පිරිනැමීමට සමත් ය.Fingerprint සහ Facial Unlock, Smart Assistant, Riding Mode, Music Party (බටහිර යුරෝපයේ හැර Gesture Navigation ) වැනි විශේෂාංග රාශියක් මීට ඇතුළත් වී තිබේ. මේ සියල්ල දුරකථනය මගින් ලැබෙන ප‍්‍රයෝජන මෙන්ම එය භාවිතා කිරීමේ පහසුව හා ආරක්ෂාවද වැඩිදියුණු කරයි.

128GB/64GB තරම් විශාල මතක ධාරිතාවක් සමගින් පැමිණෙන OPPO A Series 2020 දුරකථන සඳහා කාඞ්-ස්ලොට් තුනක් (Dual Sim සමග MicroSD) යොදා ඇති අතර මතක ධාරිතාව 256GBදක්වා වැඩි කළ හැක. OPPO A9 මාදිලිය Marine Green හෝ Space Purple යන වර්ණ වලින් රු. 59,990 කට මිලදීගත හැකි අතර OPPO A5 මාදිලිය Mirror Black හෝ Dazzling White යන වර්ණ වලින් රු. 44,990 කට මිලදීගත හැකි වේ.

 

 

 

 

Post Views: 3
Previous Post

ජනපතිගේ ප්‍රකාශය වැරදියි – අනුෂ පැල්පිට කරුණු පැහැදිලි කරයි

Next Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහාය ලබා දීමට ගැන අගමැති අතර සාකච්ඡා

editor

editor

Next Post

චීන කොමියුනිස්ට් පක්ෂයේ සහාය ලබා දීමට ගැන අගමැති අතර සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved