• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂය බය රාජපක්ෂවරුන්ටයි – මන්ත්‍රී ඩිලාන්

23 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂය කොරෝනා වෛරසයට වඩා බය රාජපක්ෂවරුන්ට බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ මහතා අද (23) පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී පවසා සිටියේ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ අලුත් සිංදුවක් කියන්න පටන් ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා එම මාධ්‍ය හමුවේදී මෙසේ වැඩිදුරටත් අදහස් පල කළේය“ අපේ රට අද කොවිඩ් වසංගත තත්වයේ විශාල කඩඉම් ප්‍රමාණයක් පසු කරගෙන ඇවිල්ලා තිබෙනවා. ලෝකයේ සාමාන්‍ය තත්වයට වඩා ලංකාව අද ඉදිරියෙන් ඉන්නවා. මේ වන විට අවුරුදු 30 ට වැඩි සියලුම දෙනාටම පාහේ ලංකාවේ එන්නත ලබා දී තිබෙනවා. මේ වන කොට අපේ රටේ එන්නත්කරණය සාර්ථකව කරගෙන යන නිසා ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය පටන්ගත්තා අලුත් සිංදුවක්. ඒ තමයි කොරෝනා නිසා මැරිච්ච සියලුදෙනාගේ මරණවලට වගකියන්න ඕන ආණ්ඩුව කියලා. මේ තියෙන්නේ කොරෝනා වෛරසයට තියෙන බය නොවේ. මේ තියෙන්නේ රාජපක්ෂවරුන්ට තියෙන බයයි. එන්නතකරණය ලෝකයේ සාමාන්‍ය තත්වයට වඩා ඉහළින් තිබෙනවා. එන්නත්කරණය ලෝකයේ අද පළවෙනි රටවල් දෙක ඇතුලත ලංකාව සාර්ථකව කරනවානම් ඒක සාර්ථකයි කියන්න බැරි මිනිහා කුහකයෙක්.

ඊයේ එක්තරා නැගෙනහිර පළාතේ මන්ත්‍රිවරයෙක් රටේ නායකයාට තව මොහොතකින් හූ තියයි කියලා බලාගෙන ඉන්නවා කිව්වා. ඒ දේශපාලනඥයා දේශපාලන පිංපියෙක් නිසා රටක් රාජ්‍යයක් ගමක් නැති නිසා එයාට ඒක සන්තෝසයට කාරණයක් වුණාට රටක් හැටියට අපේ රටේ ඕනම කෙනෙකුට පිටරට ගියාම ඒ තත්වය උදාවෙනවානම් ඒකට රටේ ලාංකිකයෝ කැමතිවෙන්නේ නෑ.

අපේ ඥානසාර හමුදුරුවෝ මෑතකදී නාලිකා 02 ට තවත් සහරාන් වර්ගයේ ප්‍රහාරයක් වෙනවාය යනාදි වශයෙන් ප්‍රකාශයක් කළා. හැබැයි උන්වහන්සේ මේ කියන කතා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න ඕන. මොකද උන්වහන්සේ කියන ඒකේ ඇත්ත අපි හෙළිදරව් කරගත යුතුව පවතිනවා. එහෙම නැත්නම් නැවත ප්‍රහාරයක් සිද්ධ වුණයින් පස්සේ උන්වහන්සේ අද කාදිනල් උන්වහන්සේට දික්කරන ඇඟිල්ල අපිටද දික් කරයි.

අද රටේ ආරක්ෂක තත්වය ඉතාම හොඳයි. එහෙම ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට කටයුතු කරනවා කියලා ජනතාවට ගෝඨාභය මහතා විශ්වාසයි. එතුමා කොටි පරාජය කිරීම සඳහා තිරේ පිටුපස විශාල මෙහෙයුමක යෙදුණා. ඒ විශ්වාසය නැති කරන්න තමයි අද විරුද්ධ පක්ෂයේ ඇතුළේ ඉඳගෙනම විරුද්ධ පක්ෂ නායකතුමාට පිටිපස්සේ සිට පිහියෙන් ඇනගෙන ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න හින්දෑරි උන්වහන්සේගේ කණ්ඩායම සූදානම් වෙන්නේ. ඔවුන් සිංහල සහ ක්‍රිස්තියානි පල්ලි අතර යම් ගැටුමක් ඇති කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ද කරගෙන යනවා.

ඇත්තටම මේ රටට අවශ්‍ය කරන්නේ අවුරුදු 10 – 15 ට ජාතික න්‍යාය පත්‍රයක්. සියලුම පක්ෂවලට සියලුම ජනකොටස්වලට පිළිගන්න පුළුවන් ජාතික න්‍යාය පත්‍රයක් හදන එකයි අවශ්‍යය. ඒ න්‍යාය පත්‍රය මොන ආණ්ඩුව ආවත් මොන ජනාධිපති පැමිණියත් ක්‍රියාත්මක වෙන තත්වයකට ගේන්න ඕන. එතනට තමයි මේ රට ගමන් කළ යුතුව පවතින්නේ. එතනට මේ රටට ගමන් කරන්න අවශ්‍යකරන ආර්ථික පැත්ත පිළිබඳ යම් දිශාවක් , දර්ශනයක් අලුත් මුදල් ඇමතිතුමා ඊළඟ අයවැයෙන් පෙන්වයි කියා අපි හිතනවා. මුදල් ඇමතිතුමාගේ ඉලක්කය එතුමාගේ මුදල් ඇමතිධුර කාලය තුළ අවුරුදු ගණානවක් තිස්සේ පැවති අපේ රටේ ආදායම අඩුවීම හා වියදම වැඩිවීම නැති කර අයවැයක් නිර්මාණය කිරීමයි.

මේ වෙලාවේ අපි සියලුදෙනා එකතුවෙලා රට ගැන හිතලා බොරදියේ මාළු බාන්නේ නැතිව රටක් හැටියට අපි කටයුතු කරන්නයි අවශ්‍ය. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රවරු මමත් ඇතුළුව අපි අපි ගැනම ස්වයං විවේචනයක් කරගෙන මිනිස්සු හැටියට අපි එකතුවෙලා මනුෂ්‍යයෝ හැටියට ගතින් හා හිතින් පිරිසිදුවෙලා කටයුතු කරනවානම් හෙට හොඳ දිනයක් නිර්මාණය කරන්න අපිට අමාරු වෙන්නේ නෑ.

අතිගරු ජනාධිපතිතුමා ඇමරිකාවට ගිය අවස්ථාවේ ඉතා වැදගත් ප්‍රකාශයක් කළා. එතුමා මේ රටේ ජාතික සමඟිය වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්න සුදානම් කියලා. මෙයත් සමහර අයට විහිලුවක්. දෙමළ ඩයස්පෝරාව කියන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාව නොවේ. ඒ නිසා එතුමා දෙමළ ඩයස්පෝරාව සමඟ කතා කිරීම සඳහා ගත් තීන්දුව විශිෂ්ඨ ගණයේ නායකයෙක් ගත්ත තීන්දුවක්.

Post Views: 4
Previous Post

මිත්‍යා මත වලට හසු නොවී දරුවන් එන්නත්කරණයට සක්‍රීයව එක්වන්න – ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු

Next Post

ව්‍යසනය හමුවේ ලෝකයේම සෞඛ්‍ය අංශ එකම අභියෝගයක්- ඇමැති කෙහෙලිය

editor

editor

Next Post

ව්‍යසනය හමුවේ ලෝකයේම සෞඛ්‍ය අංශ එකම අභියෝගයක්- ඇමැති කෙහෙලිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved