• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ගොඩනගන දැවැන්ත විප්ලවය ක්‍රියාත්මක කරන්න සූදානම් – විපක්ෂනායක සජිත්

1 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට ගොඩනගන දැවැන්ත විප්ලවය ක්‍රියාත්මක කරන්න සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (01) ඊ.ඒ. ගුණසිංහ ක්‍රිඩාංගනයේ පැවැති සමගි ජන බලවේග මැයි රැලිය අමතමිනි.

එහිදී සිදු කළ සම්පූර්ණ කතාව පහත පරිදි වේ” අද ඓතිහාසික දවසක්. ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මේ රටේ දේශපාලන බලවේග මහපෙළෙවට බහින මොහොත් මම ආඩම්බරෙන් කියනවා අද දිනයේ සමගිජන බල වේගය සමගි ජන සන්ධාන වාර්තාවක් තබනවා. ඒ වාර්තාව තමයි ජාත්‍යන්තර කම්කරු දිනයේ එක මැයි රැලියක් නොව මැයි රැලි 2ක් පැවැත්තුවා. 1ක් ඒ. ඊ ගුණසිංහ ක්‍රිඩංගනයේ පැවැත්වුවා. අනික් මැයි රැලිය උඩරට වැඩ කරන ප්‍රජාව නියෝජනය කරමින් බදුලු නගරයේ වඩිවේල් සුරේෂ් චමින්ද විජේසිරි කාවින්ද ජයවර්ධන වේලුකුමාර උමා මැතිනිය ඇතුළු අපේම කණ්ඩායමක් වැඩකරන උඩරට ප්‍රජාවගේ මහා මැයි රැලිය පැවැත්වුවා.

මිත්‍රවරුනි

දේශපාලනය කරන්නේ පදවි අපේක්ෂාවෙන් නොවේ. අපි දේශපලනය කරන්නේ පද්ධතිය වෙනස් කරන්න. අපි රාජ්‍ය තනතුරුවලට කෑදර කමින් කෙළ හලන මහජන නියෝජිතයෝ නොවේ. අද දේශපාලන සමාජයේ මෙවන් අය ඉන්නවා. මම ඒ අයට පැහැදිලිව කියනවා දෙපිටිකාට්ටු වැඩ කරන්න එපා. හැම පැත්තෙම කකුල් තියා ගන්න එපා. ඔන් නම් ඉන්න බැරි නම් යන්න. අපි ගාව දෙපිටිකාට්ටුවෝ නැ. හිටියොත් කියලයි මේ කිව්වේ.

 

විශේෂයෙන්ම අද අල්ලස දූෂණය වංචාව රජ කරනවා. ජපන් රජයෙනුත් කොමිස් ඉල්ලුවා. දැක්ක නැති පෝර නැව්වලට ඩොලර් ගෙවපු ආණ්ඩුවක්. නැති එයා බස්වලට වන්දි ගෙවනවා. එක්ස්ප්‍රස් පර්ල් විනාශය මේ රටට අයිඑම්එෆ් එකත් අවුරුදු 4කින් ලබා දෙන බිලියන 2.9ට වැඩි ඩොලර් බිලියන 6.4 තක්සේරු කරලත් ඒකෙනුත් හොරා කෑවා. වංචා කළා. අපෙන් අහනවා ආණ්ඩුවට යනවද කියලා. අපි ආණ්ඩුවට යන්නේ සමගි ජන බලවේග ජනාධිපතිවරයා සමගයි මිත්‍රවරුනි.

බොහෝ දෙනෙක් අද කතා කරනවා අයිඑම්එෆ් එක ගැන. ඒ ඩීල් එක ගැන. මතක තියා ගන්න රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් අයිඑම්එෆ් එකට 2පාරක් ගියා. කවුරුත් කිව්ව පලියට පොදු ජනතාවගේ සහන කැපුවේ නැ. ජන සවිය දුන්නා. ලක්ෂය දසලක්ෂය නිවාස හැදුවා. දුප්පත්කම තුරන් කරා. 43 ලක්ෂයක් දූදරුවන්ට නිල ඇදුම් දුන්නා. කන්න දුන්නා. දුප්පත්කම සුදුසුකම කරල අභ්‍යාසලාභී ගුරු පත්වීම් 30000ක් දුන්නා. අයි. එම්. එෆ් එකට මුලින්ම යන්න කිව්වෙත් අපි.
දුර දැකලයි අපි කිව්වේ. සමගි ජන බලවේග රජයක් තුළ අපි 2048 වෙනකම් ඉන්නේ නැ. අපේ පළමු වාරය තුළ රට ගොඩනගන ප්‍රබුද්ධම ප්‍රශස්ත ආර්ථික කණ්ඩායම වන හර්ෂ කබීර් එරාන් ඇතුළු බුද්ධි මණ්ඩලය වෘත්තීයවේදීන් උගත් තරුණයන් යොදා ගෙන රට ගොඩනගනවා. අපිට විතරයි ඒ වගේ පිරිසක් ඉන්නේ.

අත් කකුල් කපන් නැතිව මේ රට බේර ගන්න පුලුවන්. හැබැයි මේ ආණ්ඩුව ලෙඩාව බේර ගන්න හදන්නේ අත් දෙක කපලා. කකුල් කපලා. කන් නාස කට කපලා. මේ විදිහට ලෙඩා බේර ගන්න ආර්ථික ඔස්තාර් තමයි රනිල්. අපි කිසිම දවසක කොටස් වෙලෙදපොල වහන්න හිතන්නැ. බැංකු වහන්න හිතන්නෑ. ආර්ථිකය වහන්නෑ. ආර්ථිකය සංකෝචය කිරීම කුඩා කිරිම දරා ගන්න බැරි විදිහට පොඩි මිනිහට බදු ගැසීම අපේ ක්‍රමය නෙවෙයි. අපි අමාරු තීන්දු තීරණ ගන්නවා. සුරංගනා කතාවලින් රට ගොඩනගන්න බෑ. සත්‍යවාදීව යථාර්ථවාදීව නූතන ආර්ථිකයක් තුළින් නව තාක්ෂණය තුළින් කර්මාන්ත විප්ලවය තුළින් පරිගණක විප්ලවය තුළින් සුබසාධන රාජ්‍ය රැකගෙන නවීකරණය කරමින් කාර්යක්ෂම කරමින් රට ගොඩනගන දැවැන්ත විප්ලවය ක්‍රියාත්මක කරන්න සූදානම් බව අද කියනවා.

අපේ වැඩපිලිවෙල ශ්‍රී ලංකා ප්‍රස්ට්. ලොව ප්‍රථම තැනට අපේ රට පත් කිරිම. මේ රටේ ජනතාවට විහිලු තහලු සපයලා බලය ගන්න උත්සාහ කරන අය එහෙම කතාවක් කියන කොට හිනාවෙනවා. හැබැයි මතක තියා ගන්න රුවන්ඩාවේ ඇති වූ ගැටුමෙන් ලක්ෂ 8ක් නැතිවුණා. ඒත් අද එය අප්‍රිකාවේ සිංගප්පූරුව. වියට්නාමයේ යුද්ධයෙන් විනාශ වුනත් අද බලන්න රට තියෙන තැන. ටෝල්කෝට් පාලනයෙන් විනාශ වූ කැම්බෝඩියාව අද ශක්තිමත් ආර්ථියක් කරා යනවා. එසේ නම් අපේ අදහස ශ්‍රී ලංකා ප්‍රස්ට්. ඒ වැඩපිලිවෙල යටතේ දස වැදැරුම් වැඩපිලිවෙලක් තිබෙනවා. කම්කරුවන් ඇතුළු ජන සමාජයේ සැවොම ශක්තිමත් ජීවිතයක් ගත කළ හැකි සියලු දෙනා සවිබල ගන්වන නුතන ආර්ථිකයක් ඇති කරනවා. සැමට සංවර්ධනය සුබසාධනය සෞබගා්‍ය උදා කරනවා. මානවි සිවිල් ආගමික සංස්කෘතික අයිතිය සුරකිනව. ප්‍රජාතන්ත්‍රවාදය මිනිස් නිදහස සුරකින මානව හිතවාදීත්වය සුරකිනවා. අල්ලස දුෂණය වංචාව සොරකම දුරලනවා. තරුණයන්ට මුල් තැන ලබා දෙනවා. නවින තාක්ෂණය තොරතුරු තාක්ෂණය තුළින් සුහුරු දේශයක් ඇති කරනවා. සුහුරු පුරවැසියෙක් සුහුරු නගරයක් ඇති කරනවා. නව කාර්මික විප්ලවයේ ව්‍යවසායකත්වයේ ප්‍රතිලාභ සුරකිනවා. හරිත විප්ලවයේ නිල ආර්ථිකයේ තිරසර සංවර්ධනය ක්‍රියාත්මක කරන රටක් ඇති කරනව. අපනයන භෝග කෘෂි ආර්ථිකය ඇතුළු වගා ක්‍රියාවලි නවීකරණය කිරිම තුළින් ශක්තිමත් කරනවා. අධ්‍යාපනය සෞඛ්‍ය නවීකරණය තුළින් කාර්යක්ෂම කරන සුබ සාධන රාජ්‍යයක් ඇති කරනවා. ජාති ආගම් කුල මල පන්ති භේද තුරන් කර ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර කුඩු සංස්කෘතිය විනාශ කර දේශභිමානය ඇති පෞඩ දේශයක් ඇති කරනවා අපි.

පහුගිය වසරෙ නුවරින් පාගමන් අරඹා මැයි දිනයක් කරා ගෙනවිත් මේ රටේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට පන දුන්නා. මෙවර මැයි දිනයේදී රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව හොර දුෂිත කොල්ලකරුවන් රකින ආණ්ඩුව ගෙදර යැවීමේ ජාතික විප්ලවය දියත් කරනවා.

වැඩ කරන ජනතාවට මම කියන්න කැමතියි අපේ රජයක් තුළ අයිඑම්එෆ් ගිවිසුම නැවත සාකච්ඡා කරනවා. නැවත සාකච්ඡා කරලා සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් සාමාන්‍ය පොඩි මිනිහාගේ පැත්තෙන් ලක්ෂ 220කගේ අයිතිවාසිකම් සුරකින ප්‍රේමදාස යුගය නිර්මාණය කළ ජනතවාදී ජන හිතකාමී ගිවිසුමකට යන්න හදනවා. මැයි දිනයෙන් පසුව අපි නැවත වරක් ඔබේ ගමට එනවා. අද රටේ තියෙන්නේ ඡන්දයට බය බියගුලු නිවට ආණ්ඩුවක්. මිත්‍රවරුනි සමගි ජන පවුර ජාතික වැඩසයටහන තුළින් පළාත් 9 දිස්ත්‍රික් 25ම නගර ගම් නියම්ගම් සිසාරා රට දිනවන මහා සමගි ජන පවුර නිර්මාණය කරනවා. ජුනි මස 16 සිට ඡන්ද පොළ මට්ටමේ සියයයේ සිට 150 බලකාය නිර්මාණය කරලා දෙගුණ තෙගුණ කර ජුනි 16 සිට ආසන බල මණ්ඩලයකම එම ශක්තිය ගොනුකර සමාජ ප්‍රජාතන්තවාදී වෙළෙදපොල ආර්ථිකයේ දුප්පත් කම තුරන් කර සැමට ශක්තිය ලබා දෙන අපේම පෞඩ ලංකා මාතාව ගොඩනගන්න අත්වැල් බැද ගන්න එන්න කියා ඉල්ලා සිටිනවා යැයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසිතකා නොවෙයි – හිටපු ජනපති මහින්ද

Next Post

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කෙරේ

editor

editor

Next Post

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved