ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මෙරට කාන්තා පරපුරට යුක්තිය, සාධාරණත්වය සහ අයිතිවාසිකම් නිසි ලෙස ඉටුවන්නේද යන්න බරපතල ගැටලුවක් බවයි. මෙරට ජනගහනයෙන් 52%ක් වන කාන්තාව තවමත් ගෘහණියකගේ භූමිකාවට සහ පවුලේ ආර්ථිකය සවිබල ගැන්වීමට පමණක් සීමා වී ඇති බවත්, ඇය මුහුණ දෙන අභියෝගයන්ට සාධාරණ විසඳුම් මෙතෙක් ලැබී නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.
වර්තමානයේ කාන්තාව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, සේවා ස්ථානයේ හිංසනය සහ වැටුප් විෂමතා වැනි බහුවිධ අභියෝගයන්ට ලක්ව සිටින බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි. දැරියකගේ සිට මිත්තනියක දක්වා වන සියලු භූමිකාවන්හිදී ඇය මුහුණ දෙන සමාජ-ආර්ථික ගැටලු හඳුනාගෙන, ඒ සඳහා ශක්තිමත් නීති-රීති සම්පාදනය කිරීම ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන වගකීමක් බව ඔහු පවසයි. කාන්තාවට දක්වන සැලකිල්ල රටක ශිෂ්ටාචාරයේ කැඩපතක් බව පෙන්වා දෙන ප්‍රේමදාස මහතා, ඇයට හිමි ගෞරවය සහ අයිතිය ලබා දීමට අදිටන් කර ගැනීම මේ දිනට කළ හැකි සැබෑ උපහාරය බව ද සඳහන් කළේය.













