• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂයේ දැවැන්ත බලවේගයක් නිර්මාණය වන බව විපක්ෂනායක සජිත් කියයි

24 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන  ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම උදෙසා විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද මුලපුරනු සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (24) සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් පාර්ලිමේන්තුවේ දී එක්වු අවස්ථාවේදිය.

ජාත්‍යන්තරය සමග ගණුදෙනු නොකර, ළිං මැඩි සංකල්පය තුළ හිඳිමින් රටකට පෙරට යා නොහැකි බවත් අප කළයුත්තේ ජාත්‍යන්තර සමග සංවාදශීලී වැඩපිළිවෙළක් හරහා හොදම දේ දිනාගැනීම බවද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු පනත් බොහොමයක් මේ රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවත් එබැවින් ඒවට එරෙහිව ගත හැකි සියලු ක්‍රියාමාර්ග විපක්ෂය එක්ව ගත යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

PTA සහ ATA වෙනුවට විකල්ප වැඩපිළිවෙළක් සකස් කළයුතු බව එහිදී විපක්ෂ නායකතුමා පැවසූ අතර, ඊට මහාචාර්ය ජී එල් පීරිස්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගජේන්ද්‍ර පොන්නම්බලම්, දයාසිරි ජයසේකර, ගෙවිදු කුමාරතුංග, ඇතුළුව මන්ත්‍රීවරු කණ්ඩායමක් ඒ සඳහා සුදුසු ලෙස පත්තර ගන්නා ලෙසද විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

නෛතික, ජාතික, සමාජයීය, ජාත්‍යන්තර යන සිව් ආකාරයෙන් මේ තත්ත්වය පිලිබදව ක්‍රියාමාර්ග කටයුතු බව ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබදව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව, ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව එම හමුවේදි මූලික අවධානයක් යොමු අතර

පනත පරාජය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ සමග එක්ව කටයුතු කරන බවට සියලු දෙනාම එක්විය යුතුබව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර වශයෙන් බලවත් අනතුරක් ඇතිවිය හැකි බවත් යුරෝපා කොමිසම පවා මේ තීරණාත්මක මොහොතේ එරෙහිවනු ඇති බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

මේ පනත් කෙටුම්පත් කරන්නේ නීති පති දෙපාර්තමේන්තුව ට වඩා පෞද්ගලික නීතිඥවරුන් විසින් යයි එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ප්‍රතිත්‍රස්ත පනත ජනාධිපතිවරයා නීත්‍යානුකූල ඒකාධිපතියකු බවට පත් වීම උදෙසා උත්සාහ කිරීමක ප්‍රතිඵලයක් යැයි මනෝ ගනේෂන් මහතා එහිදී පැවසීය.

මෙම පනතට විරෝධය දැක්වීමේ දී නිශ්චිත කාල රාමුවක් සකස් කර ගැනීම අතිශය වැදගත් බව එහිදී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්  මහතා පැවසීය.

ආංශික කාරක සභා රැස්වන අවස්ථාවේදී මේ පනත පිළිබඳව බලපෑම් සහගත සාකච්ඡාවක් සිදු කළ යුතු බව එහිදී රවුෆ් හකීම් මහතා පැවසීය.

මේ පනතට විරෝධය දැක්විය යුත්තේ ත්‍රස්ත විරෝධී පනත රදවා ගැනීමට නොව මේ පනත් දෙකම අහෝසි කොට දියුණු රටවල ක්‍රියාත්මක වන පරිදි ත්‍රස්ත විරෝධී පනතක් ක්‍රියාත්මක කරලීමට විය යුතු බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පැවසීය.

මේ පනත සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්කර ගත යුතු බවට බලපෑම් කළ යුතු බව එහිදී ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පැවසීය.

මනස මෙම පනතට සියලු දෙනා විරුද්ධ බව පැහැදිලි යැයිද, දැන් අවශ්‍ය වන්නේ ඊට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවයකට පැමිණීම යයිද උදය ගම්මන්පිල මහතා පැවසීය.

අදාල පොදු එකඟතා කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන පක්ෂ එකමුතුවේ කැදවුම්කරු ලෙස විපක්ෂ නායකතුමා සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ නායකයින්ගේ එකඟත්වයෙන් ඉම්තියාස් බාකීර් මාකර් මහතාව පත් කරනු ලැබීය.

ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් පිළිබඳව  පුළුල් වශයෙන් මාධ්‍ය දැනුවත් කළ යුතු බව එහිදී යෝජනාව වූ අතර එම කටයුත්ත ද ඉම්තියාස් බාකීර් මාකර් මහතාට පැවරිණි.

Post Views: 5
Previous Post

වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ ක්ෂනික ඇමතුම් සේවාවක් – සෞඛ්‍ය අමාත්‍යංශයt

Next Post

රුපියල් මිලියන දෙකක ජනාධිපති අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක්

editor

editor

Next Post

රුපියල් මිලියන දෙකක ජනාධිපති අරමුදල සඳහා මුදල් පරිත්‍යාගයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved