• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව ධීවර පනත් කෙටුම්පතට විරුද්ධයි – ධීවර ජන සංවිධානය

10 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

1996 ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කරමින් 2023 ගෙන ආ නව ධීවර පනත්  කෙටුම්පත මේ රටේ ධීවරයා මහපාරට ඇද දමන,විදේශීය සමාගම්වලට මේ රටේ මුහුද පවරා දෙන මහා විනාශකාරී පනතක් බව ධීවර ජන සංවිධානය පවසයි.

එම සංවිධානය මේ බව පැවසුවේ එළැඹෙන 21 වනදා ලෝක ධීවර දිනය වෙනුවෙන් පසුගියදා (07) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් පල කල ධීවර සම්මේලනයේ මහලේකම් හා ශ්‍රී ලංකා ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පැවසුවේ, අපේ රටේ මුහුද ප්‍රෝටීන් ආකරයක් බවත්, ධීවරයා යනු ලෝකයේ දෙවැනි භයානකම රැකියාව කරන පුද්ගලයා බවත්ය.

වසර සිය ගණනක ඉතිහාසයක් ඇති මේ රට ධීවර රැකියාවෙන් ධීවරයා ගොඩ බිමට ඇද දමා ධීවරයාගේ මුහුද සහ කලපු සංචාරක කරා කලාප කිරීමට වර්තමාන රජය නව පනතෙන් උත්සාහ දරා ඇති බව හෙතෙම පැවසීය.

මේ වන විටත් උතුරේ සහ වෙනත් ප්‍රදේශවල ධීවර ගම්මාන ඉවත් කරමින් එම ප්‍රදේශ සංචාරක කලාප බවට පත් කරමින් ධීවර ජනතාව බලවත් පීඩාවට පත් කරමින් සිටින බව හර්මන් කුමාර මහතා පෙන්වා දුන්නේය.

කිසිවෙකුත් සංචාරක කර්මාන්තය සංවර්ධනය කරනවාට විරුද්ධ නැති බවත්,එහෙත් මේ රටේ සාම්ප්‍රදායික ජීවනෝපායක් වූ ධීවර කර්මාන්තය මේ රටෙන් අතුගා දැමීමට කටයුතු කිරීම ඉතාම කනගාටුදායක තත්ත්වයකි.

විශේෂයෙන් ජලජීවී වගා සංවර්ධනයට කියමින් වෙරළාසන්න භූමි සහ කලපු විශාල ප්‍රමාණයක් චීන සමාගම් වෙත පවරා දෙමින් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.

එසේම ලංකාවේ ධීවරයාට මසුන් ඇල්ලීමට යාමට ඇති දුර පිළිබඳ නව නිර්ණායක ඇති කරමින් ,එම නීති වලින් බැහැරව මේ විදේශීය සමාගම්වලට මසුන් ඇල්ලීමට අවසරදීම තුළින් අපේ රටේ ධීවර ජනතාව සම්පූර්ණයෙන්ම ධීවර කර්මාන්තයෙන් ඉවත් කිරීමට නව පනතෙන් ප්‍රතිපාදන සැලසෙන බව හෙතෙම පැවසිය.

නව පනත යටතේ පිහිටුවන නව අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අති විශේෂ බලතල ලබා දෙමින් විදේශීය ධීවර සමාගම්වලට අපේ රටේ මත්ස්‍ය සම්පත ඕනෑ පරිදි නෙලා ගෙන යාමට ඉඩ ලබා දී ඇති බව ද ඔහු අවධාරණය කළේය.

එසේම මේ රටට විදේශීය ධීවර බෝට්ටු අලෙවි කිරීමට ද මේ පනතේ ඉඩ ලබා දී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.එම නිසා මෙම සංවර්ධනයට අදාළ ප්‍රදේශවල ධීවර ජනතාව සමඟ සාකච්ඡා නොකර සිදුකරන කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සාර්ථක නොවන බව ද ඔහු අවධාරණය කළේය.මෙම ධීවර ප්‍රතිපත්තියෙන් සිදු වන්නේ දේශීය හා විදේශීය මහ පරිමාණ ධීවර ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීමට බවත්,නමුත් ලංකාවේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුතරයක් 75%ක් පමණ සුළුපන්න ධීවරයන් බවත් නව පනතෙන් ඔවුන් සියලු දෙනාම මුහුදෙන් මහපාරට ඇද දමන තත්ත්වයක් උදාවී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහි දී අදහස් දැක්වූ මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේ කැඳවුම්කරු හා මීගමු කලපුව සුරැකීමේ සංවිධානයේ නෙවිල් ගාමිණී ප්‍රනාන්දු මහතා කියා සිටියේ,මීගමු කලපුව යනු වසරේ දින 365 ම අඛණ්ඩ ව මත්ස්‍ය සම්පත නෙලා දෙන හා වඩදිය බාදිය සමානව ගලායන ලංකාවේ පිහිටි එකම කලපුව බවත්, දැන් එම කලපුව සංචාරක පුරවරයක් කිරීමට එහි ධීවරයන් ඉවත් කරමින් සිටින බවය.නමුත් සංචාරකයන් කලපුවට එන්නේ එහි ධීවරයන් සිටින්නේ නම් පමණක් බවත් මේ සැලසුම් හදන නිලධාරීන්ට නොතේරෙන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානයේ හිල්ඩා ප්‍රනාන්දු මහත්මිය ද මීගමුව මහජන සභාවේ ජූඩ් නාමල් මහතා ද වෘත්තීය සමිති ක්‍රියාකාරී ප්‍රසංග ප්‍රනාන්දු මහතා ද එක් වූහ.

Post Views: 12
Previous Post

ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාපීය විශේෂ මෙහෙයුම් අණදෙන නිලධාරි ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Next Post

දඹදිව සාංචි මහාබෝධි මහෝත්සවය එළැඹෙන 25 සහ 26 දින පැවැත්වේ

editor

editor

Next Post

දඹදිව සාංචි මහාබෝධි මහෝත්සවය එළැඹෙන 25 සහ 26 දින පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

10 October 2025
හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

10 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved