• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ පක්ෂය පොදු අරමුණු වෙනුවෙන් වැඩ කරන්නේ – මන්ත්‍රී රංජිත්

14 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අප පක්ෂය පුද්ගල වාසි අරමුණු කරගෙන ජයග්‍රහණය මෙහෙය වන පක්ෂයක් නොවන බවත්, අපගේ දේශපාලන ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ පොදු අරමුණු ඉලක්ක කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (14) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ජයග්‍රහණය හැර වෙන කිසිදු විකල්පයක් පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අභියෝග පරදා අභිලාෂ ජයගනිමු කියන මූලික පරමාර්ථයෙන් යුතුව කටයුතු කරන්නේ. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට රාජ්‍ය ආරක්ෂා කිරිම අපේ මූලික වගකීම විදිහට සලකන දේශපාලන පක්ෂයක්. අපි පුද්ගල වාසි අරමුණු කරගෙන ජයග්‍රහණය මෙහෙය වන්නේ නැහැ. අපේ දේශපාලන ව්‍යාපාරය මෙහෙය වෙන්නේ පොදු අරමුණු ඉලක්ක කරගෙන. පෞද්ගලික අපි හැමෝටම යම් යම් අපහසුකම් සිදුවෙන්න ඇති. අපි පක්ෂයක් විදිහට යම් යම් පසුබෑම්වලට ලක්වෙන්නත් ඇති. හැබැයි අපි හැමදාම ජයග්‍රහණ ඉලක්ක කරගෙන පාක්ෂිකයන් සමඟ ඉදිරියට ගිය දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා මේ දේශපාලන ව්‍යාපාරයට නායකත්වය දෙන්නේ ඉදිරියටත් රාජ්‍ය ආරක්ෂා කරනවා කියන ප්‍රතිඥාව යටතේ දේශපාලනය කරන කෙනෙකු පමණයි. ඒ නිසා පෞද්ගලික පරමාර්ථ මුදුන්පමුණුවා ගෙන පක්ෂයේ පරමාර්ථවලින් එළියට බැහැලා කටයුතු කරන පිරිසට එච්චර දුරක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමන් කරන්න ලැබෙන්නේ නැහැ. අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයාට මුහුණදෙන්න සිද්ධවෙච්චි අකරතැබ්බය. පක්ෂයේ පරමාර්ථය වෙනුවෙන් තමයි අපි පෙනි සිටින්නේ. ඒ නිසා පක්ෂයේ පරමාර්ථය වෙනුවෙන් අපි ඝෘජුවම පාක්ෂිකයා සමඟ සම්බන්ධ වන, ගම් මට්ටමින් පාක්ෂිකයා දැනුවත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අලුත් සාමාජිකයින් බඳවා ගන්න අපේ ශාඛා සමිති ප්‍රතිසංවිධානය කරන ව්‍යාපාරයක් අපි ආරම්භ කළා පසුගිය දෙවෙනිදා. ඉතාම සාර්ථක ආකාරයෙන් රටපුරාම මේ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. අපි මේ පාක්ෂිකයන්ට කියනවා මේ අභියෝගය පරාජය කරලා අභිලාෂයන් ජයග්‍රහණය කරගත යුතුයි කියලා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණ ඉලක්ක කරගත් අභියෝග පරයමින් අභිලාෂ ජයගන්නා ස්ථානයකට ගමන් කරමින් ඉන්නේ. ඒ නිසා රජය සමඟ අපිට තිබෙන බැඳීම කොන්දේසි විරහිතව රාජ්‍ය ආරක්ෂා කිරීම පිළිබඳ බැඳිමක් පමණයි. මේ රටේ කල්පවත්නා ප්‍රශ්න , එනම් 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත්වෙනකොටත් තිබුණු ප්‍රශ්න එතුමා මැදිහත්වෙලා නිරාකරණය කළා. ඒවා අවුරුදු 20 ක් 25 ක් එකතැන පල්වෙමින් තිබුණු ප්‍රශ්න. ඒ ප්‍රශ්න නැවතවාරයක් අද හිස ඔසවමින් තිබෙනවා. දිළිඳුකමට කෙටිකාලීන විසඳුම් නැහැ. අස්වැසුමෙන් මේ රටේ දිළිඳු ජනයාගේ ජිවන තත්වයේ ජිවන මට්ටම තහවුරු කරන්න පුළුවන්කමක් නැහැ. අපේ විරැකියාවට අපි පිළිතුරු සොයා ගතයුතුයි. මේවා පිළිබඳව අපි කරුණු කතා කළ යුතුයි. අධ්‍යාපානයේ සම අවස්ථාවන් පිළිබඳව අපි පක්ෂයක් විදිහට නිරතුරුවම සටන් කරනවා. හැම කෙනෙකුටම අධ්‍යාපනය ලැබීමටත් තමන් කැමති අධ්‍යපනයක් ලැබීමටත් වන අයිතිවාසිකම තහවුරු කරන්න ඕන. අපි කැමති නැහැ නැවතවාරයක් කොළඹට කිරි ගමට කැකිරි සටන් පාඨය කවුරුහරි කෙනෙක් අතට ගන්නවට. අපි විශ්වාස කරනවා, රාජ්‍ය ආරක්ෂා කරනවා මෙන්ම රජයට මේ රටේ අතිමහත් බහුතරයක් ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවෙනුත් කටයුතු කරන්න සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා කරන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නඟනකොට ඇතිවෙන තත්වයන්ට මුහුණදෙන්න අපි සූදානම් වෙන්න ඕන. ඒ නිසා අපි තමයි හොඳටම කරමින් ඉන්නේ කියන පිරිසට පොඩි කාලයක් ඉදලා බලන්න ඇත්තට මුහුණදෙන්න සිද්ධ වෙන වෙලාව වැඩි ඈතක නොවේ. මේ චැනල් 4 එක ගැන අපි කතා කරනවාට වඩා ජනාධිපති නිතීඥ සරත් කෝන්ගහාගේ මැතිතුමා ඉතා හොඳ පුවත්පත් සාකච්ඡාවක් කරලා තිබුණා පහුගිය දවසක. එතුමා කියන විදිහට මේ කියන පිරිස හැමෝම පෙනි ඉඳලා සිටින්නේ එක්කෙනෙක් වෙනුවෙන්. අපේ පැත්තට ඇඟිල්ල දිග්කරන පිරිසට කියන්න කැමති අපි 2018 පළාත් පාලන මැතිවරණවලින් ඓතිහාසික ජයග්‍රහණයක් ලබලා ඉන්න අවස්ථාවක තමයි ජනපදනම අපේ පැත්තට සේන්දුවෙලා තිබුණේ. අපිට කුමකටද සහරන්ට කියන්නේ මෙය තහවුරු කරන්න කියලා. අපි දන්නවා ඊලඟට මුහුණදෙන හැම මැතිවරණයකින්ම අපි ජයග්‍රහණය කරනවා කියලා. ඒ නිසා මේ චැනල් 4 එක ගැන කතා කරන පිරිස දැනගෙන හිටියේ නැහැ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවෙත් මේ රටේ පළාත් පාලන ආයතනවලින් අතිමහත් බහුතරයක පාලන බලය අරගෙන තිබුණා කියලා. එවක පැවති යහපාලන ආණ්ඩුව ජනතාවගෙන් ඈත්වෙලා තිබුණේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉලක්කයක් තිබෙනවා. ඒ ඉලක්කවලින් ජයග්‍රහණය කරා යොමුවීමට නම් අපි මේ බාධාකාරි බලවේගවලින් ඈත්වෙලා කටයුතු කළයුතුයි. ඒ නිසා ජයග්‍රහණය කියන අරමුණ අපේ ඒකායන පරමාර්ථය. ඒ නිසා තමයි අපි අභියෝග පරදවලා අභිලාෂ ජයග්‍රහණය කරන්න කටයුතු කළේ. පසුගිය සති දෙකක කාලසීමාව තුළ ජනාධිපතිවරු රොත්තක්ම එළියට ඇවිත් සිටිනවා. අපි පක්ෂයක් විදිහට කල්පනා කරන්නේ අපේ රටේ මිළඟ ජනාධිපතිවරයා රට ගැන පුළුල් දැක්මක් තිබෙන අනාගතවාදි නායකයෙක් වෙන්න ඕන. තාක්ෂණය, නවීනත්වය, ව්‍යවසායකත්වය සහිත ආර්ථිකයක් පිළිබඳව හිතන ගෝලීය දැක්මක් තිබෙන නායකයෙක් වෙන්න ඕන. යමක් කරලා පෙන්නපු කෙනෙක් විය යුතුයි. ඒ නිසා අපි ඒ නායකයාගෙන් බලාපොරොත්තු වෙනවා රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ වැඩපිළිවෙලක් තිබෙන, දේශීය යැපුම් කෘෂිකර්මාන්ත අංශය ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තිබෙන, පරිසරයට ආදරය කරන පුද්ගලයෙක් විය යුතුයි. රැකියා විරහිත උපාධිදාරීන්, රැකියා විරහිත තරුණ තරුණියන් පිළිබඳව භියෙන් සැකයෙන් තොරව කටයුතු කරන කෙනෙක් විය යුතුයි. අපේ රටේ දේශපාලනය පිළිබඳව හොඳ හැදෑරීමක් තිබෙන කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට බලාපොරොත්තු වෙන ඊළඟ ජනාධිපතිවරයා මේ කියන ජාතියේ කෙනෙක් වෙන්න ඕන. ”යනුවෙන් මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

දුදරුවන්ගේ මහමග ආරක්ෂාව වෙනුවෙන් අලියාන්ස් ලංකා රක්ෂණ සමාගම, තවදුරටත් කැප වේ

Next Post

පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතුයි – අගමැති

editor

editor

Next Post

පළාත් සභා හා පළාත් පාලන නීති කාලයට ගැලපෙන සේ වෙනස් විය යුතුයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved