ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට ඔක්ස්ෆර්ඩ් සංගමය (Oxford Union) ඇමතීමට තිබූ අවස්ථාව ආරක්ෂක හේතූන් මත කල් දැමීමට සිදු වීම සම්බන්ධයෙන් එම සංගමය ඔහුගෙන් නිල වශයෙන් සමාව අයැද තිබේ. මහා පරිමාණ විරෝධතා සහ බාධා කිරීම් හේතුවෙන් දේශකයන්ගේ මෙන්ම සහභාගී වන පිරිසගේ ආරක්ෂාව තහවුරු කිරීමේ ප්‍රායෝගික අපහසුතාවක් පවතින බව ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති කැතරින් යැං මහත්මිය නාමල් රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත. දමිළ ඩයස්පෝරා කණ්ඩායම්වල දැඩි විරෝධතා මෙම තීරණයට මූලික හේතුව වී ඇති අතර, වඩාත් ආරක්ෂිත වෙනත් දිනයක මෙම දේශනය පවත්වන බව සංගමය වැඩිදුරටත් සහතික කර තිබේ.














