පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමා ආතතිය උත්සන්න වී ඇති අතර, ඇෆ්ගන් තලේබාන් රජය විසින් සිදුකළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස පාකිස්ථානය ‘ගසාබ් ලිල්-හක්’ (Ghazab lil-Haq) හමුදා මෙහෙයුම ආරම්භ කර තිබේ. මෙම මෙහෙයුම හරහා තලේබාන් සටන්කාමීන් 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 120කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත්, සටන්කාමීන්ගේ මුරපොළවල් 16ක් විනාශ කර ඇති බවත් පාකිස්ථාන තොරතුරු අමාත්‍ය අටෞල්ලා තාරර් පවසයි.
පාකිස්ථානයේ මෙම හමුදා ක්‍රියාමාර්ගයට ඇමෙරිකා එක්සත් ජනපදය සහාය පළ කර ඇති අතර, තමන්ට ආරක්ෂා වීමට ඇති අයිතිය පාකිස්ථානය විසින් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, ඇෆ්ගන් තලේබාන් රජය පවසන්නේ පාකිස්ථාන හමුදා තම දේශසීමාව උල්ලංඝනය කරමින් ප්‍රහාර එල්ල කරන බවයි.














