ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැසඩෙනා (Pasadena) හි පිහිටි ලියොන්ඩෙල්බැසෙල් බේපෝර්ට් චෝට් කර්මාන්තශාලාවේ ඊයේ (මාර්තු 12) දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. කර්මාන්තශාලාව දෙසින් විශාල ගිනි ජාලා සහ දුමාරයක් නැඟෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර, එය ප්‍රදේශවාසීන් තුළ දැඩි භීතියක් ඇති කිරීමට හේතු වී ඇත.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සමාගම සඳහන් කර ඇත්තේ, කර්මාන්තශාලාවේ ක්‍රියාකාරී තත්ත්වයන් හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස ‘Flaring’ ක්‍රියාවලිය (අතිරික්ත වායූන් දහනය කිරීම) සිදුවෙමින් පවතින බවයි. මෙය පරිසරය සහ සේවක ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිදුකරන පාලිත දහනයක් බවත්, දීප්තිමත් ගිනි දැල් සහ විශාල ශබ්දයක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔවුන් අවධාරණය කරයි.
ප්‍රදේශයේ ජනතාවට ඉන් අනතුරක් නොමැති බවත්, තත්ත්වය කඩිනමින් සමනය කිරීමට කටයුතු කරන බවත් බලධාරීන් පවසයි. කෙසේ වෙතත්, අවට ප්‍රදේශවල වායුගෝලයේ තත්ත්වය පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.













