පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ‘ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්’ (PTI) පක්ෂයේ ප්‍රබල නායකයින් සහ ආධාරකරුවන් 47 දෙනෙකුට වසර 10 බැගින් වූ සිර දඬුවම් නියම කිරීමට රාවල්පින්ඩි ත්‍රස්ත විරෝධී අධිකරණය (ATC) පසුගිය සෙනසුරාදා (මාර්තු 07) පියවර ගෙන තිබේ. 2023 මැයි 09 වන දින ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ බවට මොවුන්ට චෝදනා එල්ල විය.
දඬුවම් නියම වූවන් අතර ඕමාර් අයියුබ් (Omar Ayub), ෂිබ්ලි ෆරාස් (Shibli Faraz), ෂෙබාස් ගිල් (Shahbaz Gill) සහ සර්ටාජ් ගුල් (Zartaj Gul) වැනි ප්‍රබල දේශපාලන නායකයින් ද ඇතුළත් වේ. අධිකරණය විසින් මෙම පිරිසට රුපියල් 500,000 බැගින් දඩ නියම කර ඇති අතර, ඔවුන්ගේ දේපළ රාජසන්තක කිරීමට ද නියෝග කර ඇත. විශේෂත්වය වන්නේ මොවුන් අධිකරණය මග හැර සිටි බැවින් මෙම දඬුවම නියම කර ඇත්තේ ඔවුන් නොමැතිව (In absentia) වීමයි.
PTI පක්ෂය මෙම තීන්දුව දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කර ඇත්තේ මෙය “දේශපාලන පළිගැනීමක්” බවයි. කෙසේ වෙතත්, වරදකරුවන් වූ මෙම පිරිසට ඉදිරි මාස දෙක ඇතුළත භාර වුවහොත් හෝ අත්අඩංගුවට පත්වුවහොත් නැවත නඩු විභාගයක් (Retrial) ඉල්ලා සිටීමට අවස්ථාව පවතින බව අධිකරණ තීන්දුවේ සඳහන් වේ.














