පකිස්ථාන විදේශ අමාත්‍ය මොහොමඩ් ඉෂාක් ඩාර් (Mohammad Ishaq Dar) මහතා සවුදි අරාබිය සහ ඊජිප්තුව සමඟ රාජ්‍යතාන්ත්‍රික දුරකථන සාකච්ඡා පවත්වමින් මැදපෙරදිග පවතින තත්ත්වය පිළිබඳව සිය අවධානය යොමු කර තිබේ. එහිදී ඔහු “ඉස්ලාමාබාද් සාකච්ඡා” (Islamabad Talks) පිළිබඳ නවතම තොරතුරු බෙදාගත් අතර, පවතින සටන් විරාම ගිවිසුම්වලට සියලු පාර්ශ්වයන් අඛණ්ඩව ගරු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා සියලු පාර්ශවයන් සිය කැපවීම් ඉටු කළ යුතු බව පෙන්වා දුන් විදේශ අමාත්‍යවරයා, ගැටුම් සමනය කිරීම සඳහා පකිස්ථානය දරන රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් පිළිබඳව ද මෙහිදී විස්තර කළේය. මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම යළි ඉහළ යමින් පවතින පසුබිමක, පකිස්ථානය ප්‍රමුඛ ඉස්ලාමීය රටවල් සාමකාමී විසඳුමක් කරා යාමට මෙලෙස ක්‍රියාශීලීව මැදිහත් වීම සුවිශේෂී තත්ත්වයකි.
තොරතුරු උපුටා ගැනීම: AL Jazeera ඇසුරින්














