බංග්ලාදේශයට එරෙහිව පැවැති එක්දින තරඟාවලිය 2–1ක් ලෙස පරාජය වීමත් සමඟ පකිස්ථාන ක්‍රිකට් තේරීම් කමිටුවේ ක්‍රියාකලාපය හිටපු නායක ශහීඩ් අෆ්රිඩිගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. 2026 විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලියේදී ලැබූ පසුබෑමෙන් පසුව එල්ල වූ මෙම පරාජය පකිස්ථාන ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය කර ඇත.
සීරේ බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක අවසන් තරඟයෙන් ලකුණු 11ක ජයක් වාර්තා කරමින් බංග්ලාදේශය තරඟාවලිය ජය ගැනීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 290ක් රැස් කළේය. එහිදී තන්සිඩ් හසන් සිය මංගල එක්දින ශතකය (ලකුණු 107) වාර්තා කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේය.
සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් අෆ්රිඩි සඳහන් කළේ කණ්ඩායමේ නායකත්ව තීරණ සහ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රමවේදය වහා වෙනස් විය යුතු බවයි. “සැබෑ සැත්කම” කළ යුත්තේ තේරීම් කමිටුවට බව පවසමින් ඔහු පකිස්ථාන ක්‍රිකට් පාලනාධිකාරියට සිය විරෝධය පළ කර තිබේ.














