මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 2026 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ තීරණාත්මක තරගයකදී එංගලන්තයට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 164ක් රැස් කළේය. පාකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සාහිබ්සාඩා ෆර්හාන් පන්දු 45කදී ලකුණු 63ක් ලබාගත් අතර, බාබර් අසාම් සහ ෆකාර් සමාන් ලකුණු 25 බැගින් රැස් කළහ. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලියම් ඩෝසන් ලකුණු 24කට කඩුලු 3ක් දවාගත් අතර, ජොෆ්රා ආචර් සහ ජේමි ඕවර්ටන් කඩුලු 2 බැගින් බිඳ දැමූහ. ඒ අනුව තරගය ජයගැනීම සඳහා එංගලන්තයට හිමිව ඇති ඉලක්කය ලකුණු 165කි.














