පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ ඊයේ (03) පැවති මාසික රැස්වීම අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයක් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එක් මන්ත්‍රීවරයෙකු බදුරලිය රෝහලට ඇතුළත් කර තිබේ. නිලධාරීන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගයට හිතවාදී ස්වාධීන මන්ත්‍රීවරයෙකු සභාවෙන් පිටව ගිය අතර, ඔහුට සහය පළ කරමින් සජබ, පොහොට්ටුව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ද සභා ගර්භයෙන් බැහැරව ඇත.
මෙලෙස සභාවෙන් බැහැර වූ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටියදී සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර හදිසියේ ආරවුලක් හටගෙන තිබේ. එය දුරදිග ගොස් සිදු වූ පහරදීමකින් එක් මන්ත්‍රීවරයෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය. සභා රැස්වීමක් මධ්‍යයේ මහජන නියෝජිතයන් මෙලෙස හැසිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් සිය දැඩි අප්‍රසාදය පළ කර සිටිති.














