පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව මාර්ගයේ පිහිටි ගබඩාවකදී ඊයේ (මාර්තු 31) දහවල් පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන එන ලද කහ කිලෝග්‍රෑම් 3204යි ග්‍රෑම් 400ක තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර කහ තොගය සමඟ එක් සැකකරුවෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනා මෙම කහ තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














